මැතිවරණ වේදිකාවේ තමා පවත්වන කතා වාරණය කිරීමට මියන්මාර රජය කටයුතු කරන බවට එරට ප‍්‍රජාතන්ත‍්‍ර නායිකා අවුන් සාන් සූ කී චෝදනා කරයි.
ඇය මේ බව කියා සිටියේ ඊයේ (12) ‘රේඩියෝ ෆී ඒෂියා’ ගුවන් විදුලි සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදීය.
මියන්මාර අතුරු මැතිවරණය ලබන අපේ‍්‍රල් පළමු වැනිදා ආරම්භ වීමට නියමිත අතර, සූ කී සහ ඇගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ද ඊට ඉදිරිපත් වේ.
මේ දිනවල ඇය මියන්මාරය පුරා සංචාරයේ යෙදෙමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැළෙයි.
”මැතිවරණ වේදිකාවේදී මා කරන කතාවේ පිටපතක් සකසා කල් ඇතිව එය රජයට ලබා දෙන්න මට සිදුවී තිබෙනවා.” යැයිද සූ කී පවසයි. රජය විසින් වාරණය කර ඇත්තේ මියන්මාරයේ කලින් පැවැති හමුදා රජය විවේචනය කරමින් සූ කී කළ ප‍්‍රකාශයන්ය.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd