දියවැඩියාව හා අධික තරබාරුභාවය වැනි රෝග ඇතිවීමට ශීත කළ බීම වර්ග හා ශීත කළ ජලය වක්‍රව දායකත්වයක් දක්වන්නේයැයි ඇමරිකාවේ අර්කන්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් පවසයි.

ශීත කළ බීම වර්ග ශීත කළ ජලය කෙනෙකුගේ ආහාර රටාව කෙරෙහි කෙසේ බලපාන්නේදැයි සොයාබැලීමට ඔවුන් කර ඇත්තේ පුද්ගලයින් නියැදියක් තෝරාගෙන එම පුද්ගලයින්ට නිශ්චිත කාලයක් ඇතුළත චොකලට් වැනි සීනි අධික ආහාරයක් අනුභව කරන්නට දීමයි.අනතුරුව එසේ ගනු ලැබූ ආහාර ප්‍රමාණය සටහන් කරගෙන ඇති පර්යේෂකයන් පිරිස දෙවන වර පර්යේෂණය සිදුකිරීමට පෙර එම පුද්ගලයින්ට ශීත කළ ජලය හෝ ශීත කළ බීම වර්ගයක් පානය කිරීමට අවස්ථාව ලබා දී ඇත.එසේ අවස්ථාව ලබා දී යළිත් පෙර පරිදිම පර්යේෂණය කළ පසු හෙළිව ඇත්තේ දෙවන වර පළමු වරට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් ඔවුන් අනුභව කර ඇති බවයි.

මිීට හේතුව ලෙස පර්යේෂකයක් පෙන්වා දෙනුයේ ශීත කළ ජලය හා බීම වර්ග දිවෙහි ඇති රසාංකුර වල කි්‍රයාකාරීත්වය කෙරෙහි බලපාන බවයි.මෙනිසා ආහාරයක නියම රසය ලබාගැනීමට ඒවා වැඩිවැඩියෙන් අනුභව කිරීමට පුද්ගලයින් පෙළඹෙන බව පෙනී යන්නේයැයි ඔවුන් පවසයි.

මෙය වඩාත්ම බලපානුයේ සීනි අධික ආහාර ගැනීමේදී බව පෙන්වා දෙන පර්යේෂක පිරිස සීනි අධික ආහාර ගැනීමේදී ශීත කළ බීම හා ජලය පානයෙන් වැළකී සිටින්නේනම් මනා යැයි කියයි.