තනිකමෙන්, වියෝවෙන්, විරහවෙන් පෙළෙන්නන් වෙනුවෙන්ම සැදුණු අපූරු සංගමයක් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ ඇත.
‘වැළද ගැනීමේ සංගමය‘ නම් වන මේ සංගමයේ සාමාජිකයින්ගේ එකම වැඩ කටයුත්ත වනුයේ එක දිගට පැය ගණන් තවත් පුද්ගලයෙකු වැළද ගෙන සිටීමයි.හිටගෙන,ඉදගෙන හෝ වුවමනා නම් නිදාගෙන වුවත් එකිනෙකා වැළද ගෙන සිටීමට සාමාජිකයින්ට හැක.
මෙම සංගමයේ නිර්මාතෘවරුන් වන්නේ ඇනා නේතන් හා ටොම් ෆෝර්ටේස් යන දෙපළය.තම පවුලේ අය කුඩා කළ සිටම එකිනෙකා වැළද ගැනීම පුරුද්දක් කරගෙන සිටි බව කියන ඇනා වැළද ගැනීම තම මනසට සහනයක් ලබා දෙන්නක් වූ බව පවසයි.
වැඩිහිටි වූ පසු වැළද ගැනීම හුදෙක් ලිංගික කි්‍රයාවලියක් ලෙස සමාජය දැකීම තමන්ට ප්‍රහේලිකාවක් වූ බව ඇය කියයි.
‘වැළද ගැනීම කියන්නේ ලිංගික පරමාර්ථ මුල් කරගෙන සිදුවන්නක් නොවේ.වැළද ගන්නවා කියන්නේ විශ්වාසය හා ආරක්ෂාව තහවුරු කරන දෙයක්.මේ වගේ සංගමයක් මම පටන් ගන්න හිතුවේත් සමාජයේ පවතින වැළද ගැනීම සම්බන්ධයෙන් පවතින දුර්මතයන් දුරු කරන්න.අනෙක් කාරණය තමයි තනිවෙලා දුකින් ඉන්න පුද්ගලයින් එකට එකතු කරන්න.ඔවුන් තනිවෙලා නොමැති බවත් ඔවුන් හා සමානම පුද්ගලයින් තවත් සිටින බවත් පෙන්වා දෙන්න‘ ඇනා පවසයි.
දැනට සාමාජිකයින් 20 දෙනෙක් පමණ මේ සංගමයේ සාමාජිකත්වය ලබා සිටිති.ඔවුන් එකිනෙකාට ආගන්තුක වූවත් එකිනෙකා වැළද ගැනීමේදී එය බාධාවක් කරගෙන ඇති සෙයක් නොපෙනේ.
වැළද ගැනීමෙන් මනසට සහනයක් සැබවින්ම ලැඛෙන බව ජීව විද්‍යාත්මකවත් තහවුරු කර තිඛෙන්නකි.වැළද ගැනීමේදී එම පුද්ගලයින්ගේ සිරුරු වල ඔක්සිටොසින් නම් හෝමෝනය ශ්‍රාව්‍යය වීම උත්තේජනය වන බවත් මෙම හෝමෝනය මනස නිදහස් හා සැහැල්ලූ කිරීමේ සමත් වන බවත් විද්‍යාඥයින් සොයාගෙන ඇත.ආදරය දැනීමේදී ඇතිවන හැගීම් පසුපස සිටින්නේද ඔක්සිටොසින් හෝමෝනයයි.
මේ සියල්ල සැළකූ විට ඇනා හා ටොම් ගේ සංගමය හුදෙක් විහිලූවක්ම ලෙස සැළකිය නොහැක.සාමාජිකයෝ සියලූ දෙනාම තම තමන්ගේ සීමා දැන හදුනාගෙන කටයුතු කරන බව ඇනා හා ටොම් දෙපළ කියයි.ඔවුන්ගේ අරමුණ මනසට සහනයක් ලබා ගැනීම මිස අන්කිසිවක් නොවන බවත් ඔවුන්ගේ ප්‍රගතිය දැක තවත් නව සාමාජිකයින් සංගමය වෙත පැමිණෙමින් සිටින බවත් ඇනා හා ටොම් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවුලේ අය , නෑදෑයෝ , හිත මිතුරන් , වැළඳ ගත්තාට වරදක් නොවේ යයි සිතමි. මේ මුවාවෙන් සීමාව ඉක්මයාමෙන් සමහර විට ගුටිකන්න තමා සිද්ධ වෙන්නේ. බටහිර සිරිත් විරිත් ආසියාවට නොගැලපේ යයි වැඩි දුරටත් සිතමි.(නදී)
වැළද ගන්නවා කියන්නේ විශ්වාසය හා ආරක්ෂාව තහවුරු කරන දෙයක්ලු (දිල්)
කුහකත්වය විසින් දැඩිලෙස ගිලගත් අපේ ශ්‍රී ලාංකික සමාජය ට මෙය කදිම ආදර්ශයක්. උද්‍යානයක තනිව හිඳින පෙම් යුවලක් අතැඟිලි පටලවා ගෙන සිටියහොත් පොළොව නුහුළන අපරාධයක් කළ සැටියෙන් මොරදෙන අපේ ඊනියා සදාචාර වාදීන් විසින් අවබෝධ කර ගත යුතුව ඇත්තේ ආදරය යනු හුදු ලිංගිකත්වය වෙනුවෙන් මිනිසා දක්වන ගිජු කමක ට වඩා මනුෂත්වය පසක් කර දෙන සංකේතවත් හැඟීම් සමුදායක් බවයි. කයින් කරන ආදරය ට වඩා මනසින් කරන ආදරය උත්තරීතරයි.(දිල්)
ලංකාවේ ඔහොම කලොත් අම්බානට කන්න වෙයි.(නදී)
මෙය මානසික සහනයක් බව සැබෑවයි. දෙදෙනා අතර බැඳීමක් අවබෝධයක් තිබිය යුතුයි. සමහරුන් කුහකත්වය නිසා වරදක් විදියට දකීවි. ආදරය යනු ලිංගිකත්වය හා බැඳුනු මානසික ක්‍රියාවලියකි.(නදී)