අනාගතයේ ජලකර වායුවෙන් ජව ගැන්වෙනු ඇති මෝටර් රථ වල ප්‍රධාන ගැටළුවකට පොල් මදයෙන් විසඳුමක් දීමට ඉන්දියා විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
ජලකර (හයිඩ්‍රජන්) වායුවෙන් මෝටර් රථ ජවගැන්වීම ඉතා ලාභදායී වුවත්,මෝටර් රථයෙන් උපරිම කාර්යක්ෂමතාවක් අත්කර ගත හැකි වුවත්, මෝටර් රථයේ ජලකර වායුව ගබඩා කෙරෙන ටැංකිය සම්බන්ධයෙන් තවමත් වැඩිදුර පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.
ජලකර වායුවක් වායු තත්ත්වයෙන් පවත්වත්වා ගැනීමට එය ඉතා අඩු උෂ්ණත්වයන්ගේ පවත්වාගත යුතුවීමත්, වැඩි වායු ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට නම් ටැංකිය අතිවිශාල විය යුතුවීම මෝටර් රථයකට නොගැලපීමත්, උද්ගතවී ඇති ගැටලූ වේ.තවද ගැලපෙන ටැංකියක් නිර්මානය කිරීමට අධික මුදලක් වැයවන හෙයින් මෝටර් රථයේද මිල ඉහළ අගයක් ගනී.
ජලකර වායුව මෝටර් රථ වලට හදුන්වාදීමේ අරමුණ වන්නේ අඩු මුදලට වැඩි කාර්යක්ෂමතාවකින් යුතු මෝටර් රථ මිලදී ගැනීමේ හැකියාව ඇති කිරීම වන හෙයින් මෙම ගැටළුවට හොද විසදුමක් සොයා ගැනීමේ අභියෝගය විද්‍යාඥයෝ හමුවේ ඇත.
දැන් එම අභියෝගය ඉන්දියාවේ බෙන්රාස් හින්දු සරසවියේ විද්‍යාඥයෝ පිරිසක් ජයගෙන ඇති සෙයක් පෙනෙන්නට තිබේ.ඔවුන් එළිදක්වා ඇති පර්යේෂණ වාර්තාවකට අනුව පොල් මද ආශ්‍රයෙන් නිපදවා ගැනෙන සංයෝගයක හයිඩ්‍රජන් වායුව ගබඩා කර තබා ගත හැකිය.එවිට විශාල, අධි තාක්ෂණික ටැංකියක අවශ්‍යතාවක් පැන නොනගී.
කාබන් පදනම් වන සංයෝගයක් වන මෙයින් නිපදවා නැනෝ ටියුබයන්ගේ හයිඩ්‍රජන් වායුව වැඩි කරදරයක් නොමැතිව ගබඩා කර ගබා ගත හැකියැයි සඳහන්ය.
හයිඩ්‍රජන් වායුව කාබන් වල ගබඩා කළ හැකියැයි බොහෝ කලකට පෙර සිටම සොයාගෙන තිබුණකි.නමුත් එයට වැඩි අවධානයක් යොමු නොවුනි.
හයිඩ්‍රජන් වායුවෙන් ජවගැන්වෙන මෝටර් රථයක් නිපදවීමට විද්‍යාඥයෝ උත්සාහ කරනුයේ වසර 20 ක පමණ සිටය.ටොයෝටා සමාගම නුදුරේදීම හයිඩ්‍රජන් බලයෙන් ජවගැන්වෙන මෝටර් රථයක් වෙළදපෙලට ඉදිරිපත් කිරීමට සිටින අතර නිසාන්,ඩේම්ලර්,රෙනෝල්ට් හා ෆෝර්ඩ් යන සමාගම් එක්ව නිර්මානය කරන මෝටර් රථයක් ඉදිරි වසර 4 ඇතුළත එළිදැක්වීමට නියමිත බව සදහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෝ කාර්වල ගිගිල්ල, නැත්තෝන්ට පොල් සම්බලයක් වත් කන්න නැති උනාට, ලංකාවේ ඇත්තෝ නම් කනගාටුවක් වෙන එකක් නෑ. (නදී)
පුලුවන් තරම් පොල් වගාකරමු (නි)
පොල් කටු වලින් නිෂ්පාදනය කරන ඇක්ටිවේටඩ් කාබන් නම් ද්‍රව්‍යයේ කැබලි වල ඉතා සියුම් සිදුරු විශාල සංඛ්‍යාවක් ඇතිකර එම සිදුරු තුලට විවිධ වායු අධිශෝෂණය කර ගබඩා කිරීමේ හැකියව තිබේ. මෙම සිදුරු නැනෝ සිදුරු බවට පත්කර ගතහොත් ඉතා විශාල වායු පරිමාවක් ගබඩා කරගැනීමේ හැකියව වර්ධනය කරගත හැක. (නි)
කාබන් තියෙන්නේ පොල් කටු අඟුරු වල මිසක් පොල් මදයේ වෙන්න බැහැ.(හේ)
මේ ක්‍රමය හොදයි එත් ප්‍රායෝගික නෑ.(හේ)
මම හිතන්නේ මේ කතා කරන්නේ පොල් කටු වලින් හදාගන්න කාබන් වල හයිඩ්‍රජන් ගබඩා කිරීම ගැන. පොල් මදය යන්න පරිවර්තන දෝෂයක් හෝ වැරදි වටහා ගැනීමක් විය හැකියි. පොල් මදයේ ඇති කාබන් ප්‍රමාණය ඉතා අඩුයි.(හේ)
දැන් පොල් ගණන් යයි නේද? (නි)
පොල් තෙල් වලින් දුවන වාහනයක් මීට අවුරැදු ගණනාවකට පෙර ලංකාවේ නිෂ්පාදනය කලා. ඉසුසු ෆර්ගෝ වෑන් ඒකකට තමා සෙට් කරලා තිබ්බේ. ශ්‍රී ලංකා ඉංජිෙන්රු පර්යේෂණ අායතනය තමා ඒ්ක හදලා තිබ්බේ. (නදී)
වාහන වතුරෙන් දුවන්න හදපු ලංකාවේ අයට කිසිම තැනක් නෑ.(හේ)
අදහස හොදයි ඒත් ප්‍රායෝගික නෑ.(හේ)
දම්මික, මතකද ඔය වාහනය එක්ක තිබුණු ප්‍රදර්ශන ගණනාව? ඒවායේ ලංකාවේ සුළු පරිමාණයෙන් හදපු වටින උපකරණ තිබුන. දැන් ඒවාට උන දෙයක් නැහැ. ලංකාවේ නිපැයුම් වලට, පර්යේෂණ වලට කිසිම තැනක් ලැබුනේ නැහැ. ලංකාවේ අලුත් නිපැයුම් එන්නෙම නැහැ. අාවත් එ්ක මොනවා හරි කරලා වට්ටනවා. රෝද දෙකේ ට්‍රැක්ටරයේ ඉදල උපාලි ෆියට්, ඇල්බත්ර්වීල්, මයික්‍රෝ කාර් , දක්වාම කලේ කෙනහිලිකම්. (ස)
පොල් පෙට්‍රල් වලට වඩා ගන්නනේ. (ස)
ඉන්දියාවේ පර්යේෂණය නම් හොඳයි. හැබැයි දැනට රුපියල් 40 - 50 ට තිබෙන පොල් ගෙඩිය අන්තිමේදී රුපියල් 250 ට විතර ඉහළ යයිද දන්නෙ නැහැ (නි)
ඒ ක්‍රමය සාර්ථක නොවේවී.(හේ)