IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වස්සා පුතුන් වැහි වස්සයි

අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.

මෙතෙක් පැමිණි මව්වරුන් සෑම දෙනකුම පුතුන් බිහි කළ බව කියති. දියණියන් 4 දෙනෙක් සිටින මවක් නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළාලු.

දස ලක්ෂයකට  එකකු පමණක් උපත ලබන වස්සන් ඉතා වාසනාවන්ත බව අයිතිකරු රාජ් ප‍්‍රතාප් පවසයි.

 මේ වන විට ඉන්දියාවේ ඉතා ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී ඇති මෙම වසු පැටියා ඇල්ලීමට පැමිණෙන සෑම මවකගෙන්ම රුපියල් 1000 ක පමණ මුදලක් අය කරීමට ඔහු වගබලා ගනී.

රාජු නම්  තුන් හැවිරිදි වස්සා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වන මෙය කෙදිනක හෝ ලෝ වටා ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් ප‍්‍රතාප් සඳහන් කියයි.

 

 



අදහස් (0)

වස්සා පුතුන් වැහි වස්සයි

ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 02:06 PM

ඒ ඉපදෙන දරුවන් මොනවගේද ?

:       0       0

අෂිනි Saturday, 28 December 2013 03:48 PM

දැන් එතකොට පිරිමි ළමයි විතරද දෙන්නේ.ගැණු ළමයි ප්‍රාර්ථනා කරන්න බැරිද? (අ)

:       0       0

දුමින්ද Saturday, 28 December 2013 04:27 PM

මිත්‍යා විශ්වාස සෑම සමාජයකම තිබෙන දෙයක්. එය නැතිවන්නේ ලෝක විනාශය දිනයටයි.(නදී)

:       0       0

ප්‍රභාත් Saturday, 28 December 2013 04:36 PM

ලංකාවේ හිටියා නම් කැස්බෑවට උන දේ තමා ඔය වස්සාටත් වෙන්නේ. උගේ පිනකට ඉන්දියාවේ උපන්නේ.(නදී)

:       0       0

අබ්දුල් Friday, 27 December 2013 02:57 PM

ලෝකෙ පිරිමි ජනගහණය වැඩි වෙයි වගේ. (ස)

:       0       0

මෙන්ඩිස් Friday, 27 December 2013 03:30 PM

ඔන්න ඕකයි ඉන්දියාවේ තත්ත්වේ! (ස)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 28 December 2013 09:11 PM

හම්බෙන ළමයින්ට අන් දෙකක් වලිගයක් එහෙම තියෙනවද දන්නේ නෑ (අ)

:       0       0

තරංග අබුඩාබි Saturday, 28 December 2013 09:12 PM

එකනේ මන් ඉන්දියාවේ අය එක්ක ඈහෙන්න යන්න නැත්තේ (අ)

:       0       0

සිරිල් Friday, 27 December 2013 04:16 PM

අනේ මෙහෙම මෝඩ මිනිස්සු ඉන්නවනෙ. (ස)

:       0       0

සුමනසිරි Friday, 27 December 2013 04:21 PM

මේකා වසු පැටියෙක්යැ. (ස)

:       0       0

අරුණ සිරිවර්ධන Arachchige Friday, 27 December 2013 04:35 PM

ඇයි ලංකාවෙත් ඕකම තමා

:       0       0

ශාන්ත හෝමාගම Friday, 27 December 2013 04:56 PM

ඉන්දියාවේ තියෙන්නේ ඔහොම වැඩ තම , (අ)

:       0       0

ලීල් ගුණවර්ධන Saturday, 28 December 2013 12:53 AM

අරුණගේ කතාව හරි. ලංකාවෙත් ඕකම තමයි වෙනසක් නැහැ. (නදී)

:       0       0

කුමාර් Saturday, 28 December 2013 02:13 AM

ඉන්දියාවේ තාම වැඩිපුර ඉන්නේ ගස් ගල් අදහන වස්සො තමා. කුමාර් (අ)

:       0       0

ෂේන් Saturday, 28 December 2013 02:38 AM

දැන් අපේ අයත් ඉන්දියාවේ යන්න පටන් ගනී (අ)

:       0       0

බමුණු Saturday, 28 December 2013 07:08 AM

ඉන්දියාවට ඕව තමයි තිබෙන්නේ කකුල් 5 සත්තු, එකට ඇඳුනු ගැහැණු මිනිස්සු, ඔලු 3 නේ බූරුවෝ. නැ නැ ඔලුතුනේ බූරුවෝ ඉන්නේ ලංකාවේ මම නොවෙයි කීවේ අරයා.(නදී)

:       0       0

ශානිකා බුද්ධි Monday, 30 December 2013 10:28 AM

ඒක පිළිගන්න බැරි කතාවක්නේ මම ඔය කතාව බොරුවක් කියලා හිතනවා.(නදී)

:       0       0

තේජා Monday, 30 December 2013 10:48 AM

එහෙනම් ලංකාවේ ඉන්න මිනිස්සු ඉන්දියාවට යවන්න ඕනා.(නදී)

:       0       0

සරත් Saturday, 28 December 2013 09:48 AM

දරුවෙකුගේ ගැහැණු පිරිමි බව තීරණය වෙන්නේ ගැබ් ගන්නා අවස්තාවෙදිමයි. ගැබිණි මව් වරු වසු පැටියා අතගෑවා කියලා ඒක වෙනස් කරන්න බැහැ. මේකෙන්ම පෙනෙනවා මේක බොරු මිත්‍යාවක් කියලා. අඩුම ගනනේ ගැබ් ගැනීමට පෙරවත් කිව්වා නම් යම් තරමකට හරි විශ්වාස කරන්න තිබුනා. ඉන්දියාවේ විතරක් නෙමෙයි අපේ අතර ඉන්නවා මෙහෙම හිතන අය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site