ගෘහස්ථ බළලූන් ඇති කිරීම ආරම්භ කර ඇත්තේ චීන ජාතිකයින් බව සනාථ කෙරෙන සාක්කි සොයාගැනීමට ඇමරිකාවේ වොෂින්ග්ටන් සරසවියේ පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.

චීනයේ ෂැන්ක්සි ප්‍රාන්තයේ   පුරාවිද්‍යාත්මක කැණීම් ආශ්‍රයෙන් මෙම සාක්කි සොයාගැනීමට පුරාවිද්‍යාඥ පිරිසට හැකිව ඇති බව සදහන්වේ. මින් පෙර විශ්වාසය වූයේ වසර 4000 කට පමණ ඉහතදී ඊජිප්තු ජාතිකයින් ගෘහස්ත බළලූන් ඇති කිරීම ආරම්භ කරන්නට ඇතැයි යන්නය.නමුත් හමුවී ඇති නවතම සාක්ෂි අනුව චීන ජාතිකයින් ඊට වසර 1000 කට පමණ පෙර සිට ගෘහස්ථ බළලූන් ඇති කිරීම ආරම්භ කර ඇතැයි අනාවරණයව තිබේ.

මෙම බළලූන් එවක චීනයේ බොහෝ ප්‍රදේශයන්හි වගා කර තිබූ මිලට් වගාවන්ට හානි කිරීමට පැමිණෙන මීයන් දඩයම් කිරීම සදහා යොදාගෙන ඇති බවක් පෙනෙන්නට ඇතැයි පර්යේෂණය මෙහෙයවූ පුරාවිද්‍යාඥ පිරිස කියයි.මුලදී වනයේ සිට පැමිණි වල් බළලූන් මීයන් දඩයම් කර වනයටම පලා ගියද බළලූන්ගෙන් ලබා ගත හැකි වාසිය දුටු ගොවියන් බළලූන්ට ආහාර පාන ලබා දී ගෘහස්තකරණය කරන්නට ඇතැයි ඔවුන්ගේ විශ්වාසයයි.

දැනට නිවෙස් වල වෙසෙන බළලූන්ගේ ආදිතමයින් වල් බළලූන් ලෙස සැළකේ.මෙම වල් බළලූන් අදටත් මැදපෙරදිග හා අප්‍රිකා රටවල දැකිය හැක.