IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විරුද්ධ පාර්ශව සමග සාකච්ඡා කරන්න කැමැතියි: ඒත් කවුරුන් සමගද?

විරුද්ධ පාර්ශවයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට තමා කැමැත්තෙන් සිටින නමුත්, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රධානියා හෝ කණ්ඩායම ගැන තවමත් හැඟීමක් නැතැයි රුසියාවේ අගමැති ව්ලැඞ්මීර් පුටින් පෙරේදා (28) පැවැති රූපවාහිනි සාකච්ඡාවකදී පැවැසීය. -‘‘සාකච්ඡා පැවැත්වීම අත්‍යාවශ්‍ය දෙයක්. ඒත් කුමන පදනමක් මතද යන එක ප‍්‍රශ්නයක්. ඒ ගැන මා සිතමින් සිටිනවා. සාකච්ඡා පවත්වන්නේ කා සමගද?” යනුවෙන් ප‍්‍රශ්න කළේය. අගමැති පුටින්ගේ වසර 12 ක පාලන කාලය ගැන සෑහීමකට පත් නොවී ඇති බවත් නොබෝදා පැවැති මැතිවරණයේදී සිදුවූයේ යැයි කියනු ලැබූ වංචා පිළිබඳවත් විරෝධය පළ කිරීම පිණිස විරෝධතාකරුවෝ දහස් ගණනක පිරිසක් පසුගිය සෙනසුරාදා මධ්‍යම මොස්කව් නුවරට රැස්වූහ. රුසියානු මැතිවරණයෙන් ව්ලැඞ්මීර් පුටින්ගේ එක්සත් රුසියානු පක්‍ෂයට ජය ලැබුණු නමුත් එම මැතිවරණය දූෂිත එකක් බවට විරෝධතා එල්ල වන්නට විය. එමගින් රුසියානු පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලයට (ඩූමා) බහුතර ඡුන්ද ප‍්‍රමාණයක් ලැබුණි. මැතිවරණය නිරීක්‍ෂණය කිරීමට පැමිණි විදෙස් නියෝජිත පිරිස් කියා සිටියේ එම මැතිවරණය අමානුෂික ක‍්‍රියා හා ගැටුම් නිසා අවුල්වූ බවයි. විරෝධතාකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමට හෝ ඔවුන් කව්රුන්දැයි හඳුනා ගැනීමට අගමැති පුටින් අසමත්වී ඇතැයි රුසියානු ජනතාවගේ උදහසට ඔහු ලක්වි සිටිති. එම විරෝධතාකරුවන් සමාජයෙන් කොන් කරනු ලැබූ ලිබරල්වාදීන් පිරිස්, කොමියුනිස්ට් හා නැෂනලිස්ට් ආදී පක්‍ෂවලින් සමන්විත බව තමා දන්නා බවත් එම කණ්ඩායම්වල නායකයන් හෝ නියෝජිතයන් කවුරුන්දැයි නොදන්නා බව අගමැති පුටින් තවදුරටත් පැවැසීය.



අදහස් (0)

විරුද්ධ පාර්ශව සමග සාකච්ඡා කරන්න කැමැතියි: ඒත් කවුරුන් සමගද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site