පසුගියදා පකිස්තානයට ජය අත් කර දෙමින් නිමාව දුටු ආසියා කුසලාන කි්‍රකට් තරගාවලියේ පකිස්තානය හා ඉන්දියාව අතර තරගය නරඹමින් පකිස්තානයට සහය දක්වමින් ඔල්වරසන් නැගූ සිසුන් 67 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට ඉන්දියාවේ මිීරූට් හි ස්වාමි විවේකානන්ද සුබාර්ටි විශ්වවිද්‍යාලයේ බළධාරීන් කටයුතු කර ඇත.
පන්ති තහනම් කළ සිසුන් 67 දෙනා කාෂ්මීර ප්‍රාන්තයේ පදිංචිකරුවෝ වෙති.විශ්ව විද්‍යාලයේ නේවාසික සිසුන් වන ඔවුන් තරගය පැවැත්වුණු දිනයේ තම නේවාසිකාගාරයේ පොදු කාමරයට පැමිණ එහි වූ රූපවාහිනියෙන් විකාශය කෙරුණු තරගය නරඹමින් පකිස්තානයට සහය පළකරමින් ඔල්වරසන් නගා ඇතැයි සදහන්ය.මෙයට කිපුණු ඔවුන්ගේ ඉන්දියා ක්‍රිකට් ලෝලි සගයින් ඔවුන් හා ගැටුමක් ඇති කරගෙන ඇති අතර විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ මැදිහත් වී සිසුන්ව ඔවුන්ගේ කාමර කරා පිටත් කර හැර තිබේ.
පසුදින උදයේ විශ්ව විද්‍යාල බළධාරීන් එම සිසුන් 67 දෙනාට පන්ති තහනමක් පනවා ඔවුන්ව නිවෙස් බලා පිටත් කර යවා ඇත.
මේ පිළිඹද පැහැදිලි කරන බළධාරීන් පවසන්නේ එම සිසුන්ගේ ආරක්ෂාව සළකා එවන් තීරණයක් ගත් බවයි. තරගය විකාශය අතරතුරදී දෙපාර්ශවය අතර ඇතිවුණු ගැටුම ආරක්ෂක අංශ සාමාජිකයින් මැදහත්ව සමථකයට පත් කළේ නොමැති නම් එය තවත් දරුණු වන්නට ඉඩ තිබුණේ යැයි ඔවුන් පවසයි.දැනටමත් මේ ගැටුම සම්බන්ධයෙන් කන වැකී ඇති ඇතැම් පුද්ගලයින් විශ්ව විද්‍යාලයට කඩා පනින්නට සූදානමින් ඇතැයිද එවැනි පුද්ගලයින්ට හසුවීමට ඉඩ නොදී මේ සිසුන් ඔවුන්ගේම ආරක්ෂාව තකා මෙසේ නිවෙස් බලා පිටත් කර හැරියේයැයිද විශ්ව විද්‍යාල බළධාරීන් කියයි.
ඔවුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමක් සිදුකරන්නේ නැත යැයි බළධාරීන් සහතිකව වී ඇත.තත්ත්වය සන්සුන් වූ පසු සිසුන්ව නැවත කැදවන බව ඔවුන් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම තර්කයට අනුව ඔස්ට්‍රලියාවේ සිටින ශ්‍රිලන්කිකයන්[ඔට්‍රලියාවේ පුරවැසි] දෙරට අතර තරගයකදී ලංකාවට ජය පැතීම වැරදිද? (අ)
අපෙත් ඉන්නවා ඔහොම රටක් රාජ්‍යයක් නැති අය ටිකක්.(නදී)
කිත්සිරි,උපාලි මෝඩ කමෙන්ට් දාන්න එපා. කාශ්මීරයට ඉන්දියාවත් පකිස්තානයත් අයිතිවාසිකම් කියනවා. බාගයක් ඉන්දියාවට ,බාගයක් පකිස්ථානයට අයිතියි කියලා. කාශ්මීරය පාලනය වෙන්නේ මේ දෙරටින්. දෙගොල්ලොම බලන්නේ කාශ්මිරය තමන්ගේ පාලනයට ගන්න. ඉන්දු පකිස්තාන් යුද්දෙටත් හේතුව කාශ්මිරය. මේ ළමයි පකිස්ථානයෙන් පාලනය වෙන පැත්තේ අය වෙන්න ඇති.(නදී)
විග්නේෂ්වරන් මහත්තයෝ එහෙම හොදයිද? (නදී)
ශිෂ්‍යභාවයත් අහෝසි කරන්නයි තිබුනේ. තමන්ගේ රටට ආදරය කරන්න දන්නේ නැති ගුණමකුවන්ගේ.(නදී)