IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


වර්ණවත් මුහුදු වෙරළ

අලංකාර වෙරළ කිහිපයක් ම ලෝකය පුරා ඇත. පිරිසිදු බව, පැහැදිලි නොගැඹුරු ජලය සහිත වීම, වෙරළ වඩාත් පුළුල්ව පැතිර තිබීම වෙරළේ වටිනාකම වැඩි කරන සාධකය. ලෝකයේ තවත් වෙරළ කිිහපයක් වෙරළේ වර්ණය හේතුවෙන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. වෙරළට වැලි ලැබෙන්නේ ගොඩබිම සෝදාගෙන එන පස් අංශු අතර ඇති වැලි මුහුදු ජලයට එක්වී යළි රළ සමග වෙරළේ තැන්පත් වීමෙනි. ගොඩබිම ඇති පාෂාණ හා පස් විවිධ වර්ණයෙන් යුක්තය. මේ පාෂාණ හා පස් අංශු අතර ඇති වැලි ද ඇතැම් ස්ථානයන් හි විවිධ වර්නයන්ගෙන් යුක්ත වෙයි. මේ වැලි මුහුදට සෝදාගෙන ගොස් යළි වෙරළට ගසාගෙන ආ විට ද එහි මව් පාෂාණයේ පැහැය ගන්නා බැවින් ලොව විවිධ වර්ණයෙන් යුතු වෙරළ තිර කිහිපයක් බිහිවී ඇත.

බහමාස්හි පිහිටා ඇති රෝස පැහැති වෙරළ

ඕස්ට්‍රේලියාවේ ඇති මෙම වෙරළේ වැලි කැට සියල්ල සුදු පැහැතිය. එය සංචාරකයන්ගේ ආකර්ශනීය ස්ථානයක් වුව ද දිවා කාලයේ සුදු පැහැයෙන් බැබලීම හේතුවෙන් එහි සිට දෑස් විවරකර බැලීම අපහසුය.

හවායි දූපතේ පූනාළු වෙරළ තීරය දිස්වන්නේ කළු පැහැයෙනි.

හවායි දූපත්හි පිහිටා ඇති පාපාකෝලියා වෙරළ තිරය ලොව ඇති අමුතුම වෙරළ තිරයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. ලෝකයේ වෙනත් කිසිම තැනක දක්නට නැති ආකාරයෙන් මේ වෙරළ කොළ පැහැතිය.

දම්පැහැයෙන් දිස්වන වෙරළ පිහිටා ඇත්තේ කැලැෆෝනියාවේය. එය පර්පල් ඇරීනා ලෙස හඳුන්වයි

රතුපැහැති මෙම වෙරළ තීරය පිහිටා ඇත්තේ ද හවායි දූපත් සමූහයේය. කහියාලුලූ ලෙස එම වෙරළ තීරය හඳුන්වයි

 

 

 

 

 



අදහස් (0)

වර්ණවත් මුහුදු වෙරළ

ගුණවර්ධන Sunday, 06 April 2014 07:08 PM

මේවා සැමට අහගන්නට, දැක බලා ගැනීමට නිතර අප සමග සිටින අපගේ ලංකාදීප කාර්ය මණ්ඩලයට මාගේ හෘදයාංගම ස්තුතිය! (නි)

:       0       1

සුජීවා Saturday, 05 April 2014 01:22 PM

උසස් ගනයේ පින්තුර රැසක් , ලංකාදීප පත්‍රයට ගොඩක් තුති ! (දී)

:       0       1

ශානිකා Saturday, 05 April 2014 01:26 PM

අපේ රටෙත් කොච්චර ලස්සන වෙරළවල් තියෙනවද? (දී)

:       0       1

අසෝකා Saturday, 05 April 2014 01:31 PM

ෂාහ්! හරිම ලස්සනයි! ස්තුතියි ඔබලාට මෙවන් සුන්දර දේවල් ඉදිරිපත් කරනවට! (දී)

:       0       1

කෝසල Sunday, 06 April 2014 07:08 AM

ඉතාම සුන්දර දසුන් පෙළක් (නි)

:       0       0

රානි Saturday, 05 April 2014 02:28 PM

කෝ ලංකාවේ මිට වඩා ලස්සනයි කියල කවුරුත් කුහකකමින් යුද ප්‍රකාශ කරලා නැහැනේ.... ඒ මොකෝ.... මන් එහෙම කිවේ ලංකාව කැතයි කියන්න නෙවේ.... ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය එලියට පැනල මෙතන අදහස් දමන්න කලින්ම අනතුරු අඟවන්න.... (දී)

:       0       0

රජින්ද Saturday, 05 April 2014 02:28 PM

ලස්සන ලිපියක්..!!! එත් හවායි දුපතේ හැම දිශාවකින්ම වෙලා තියෙන ගොඩබිම මුහුදට සෝදාගෙන යාමනම් හුගාක් කණගාටුදායකයි. (දී)

:       0       0

සේන Saturday, 05 April 2014 02:31 PM

ශා මරුනේ.... අපට ඉතින් පින්තුරයක දැක්කොත් තමා . (දී)

:       0       0

සුබසිංහ Saturday, 05 April 2014 02:33 PM

මේ පුවත . ලංකාවේ වෙරළවල් ගැන නොවේ.... මේ පුවත දැක්ක ගමන් ස්වභාවධර්මය විසින් මැවූ මිහිකතගේ සුන්දරත්වය විඳිනවා වෙනුවට නයාට අඳුකොළ වගේ ලංකාවේ ලස්සන ගැන පුරාජේරු වයනවා එහෙම නෙවේ ඔන්න.... ලංකාවේ ලස්සන වෙන කතාවක්... මේක වෙනත් පුවතක් (දී)

:       1       0

ගිහාන් Saturday, 05 April 2014 03:52 PM

බොහොම ස්තුතියි ලෝකයේ මෙවැනි තැන් ගැන දැනුවත් කරනවට. (දී)

:       0       0

පිටිගල Saturday, 05 April 2014 05:47 PM

මේ පින්තුර ටික පලකිරීම පිළිබඳව ලංකාදීප පත්‍රයට මාගේ ප්‍රණාමය.! ලස්සන වගේම වටිනා, වැදගත් ලිපියක් සැපයූ මහතාට ස්තුතියි! (දී)

:       0       1

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 06 April 2014 11:18 AM

චමත්කාර දසුන් පෙළක්.සොබාදහමේ අපුර්ව නිර්මාණ.ලංකාදීපෙට තුති මෙවැනි දුර්ලභ දසුන් අපට දැකගැනීමට සැලැස්වීම ගැන. (නි)

:       0       0

සුරේෂ් Sunday, 06 April 2014 11:23 AM

කවුද උස්සන්ගොඩ ගිහිල්ලා තියෙන්නේ? දුඹුරු පාටයි.මාරවිල පැත්තේ කළු පාට වෙරළක්. (නි)

:       0       0

රිස්වාන් Saturday, 05 April 2014 06:13 PM

පින්තුර දැක්කම යන්න හිතෙනවා (දී)

:       0       0

වින්සේන්ට් Saturday, 05 April 2014 07:17 PM

ඉතා ලස්සන වටිනා දෙයක් දැක ගන්න ලැබුනා.ස්තුතියි (දී).

:       0       0

මදුශ Saturday, 05 April 2014 07:27 PM

ඕස්ට්‍රේලියා මුහුදු වෙරල තියෙන්නේ බටහිර ඕස්ට්‍රේලියා වල. එස්පානස් කියනනගරයේ මේ රටේ තියෙන සුදුම මුහුදු වෙරල තියෙන්නේ මෙහෙ. ලංකාවේ සිංහල පවුල් 3 ජීවත් වෙනවා. (දී)

:       0       0

සෙනෙහස Saturday, 05 April 2014 09:10 PM

ඇත්තටම මේක ෆොටෝ එකක් නෙමෙයි ඇදපු පින්තුරයක් වගේ

:       0       0

රංග Saturday, 05 April 2014 11:12 PM

ඔය ....ඔස්ට්‍රේලිය වෙරළට සමාන මාලදිවයින් වෙරල. අව්ව වෙලාවට ඇස් අරින්න අමරුයි (දී)

:       0       0

රත්නසිරි Sunday, 06 April 2014 12:02 AM

හිරු එලිය සිවුමලිය නිල් ජලය සන්සුන්‍ ය, මුළු වෙරළම විවධ වර්ණ මනරම්‍ය, සැමගේ සිත් විකසිතවිය, මගේ යැදුම ඔබ කිසි දින, දිය රකුසෙක් නොවෙනු මැනවි ! (දී)

:       0       0

රොෂාන් Sunday, 06 April 2014 02:39 AM

මේ සෑම වර්ණවත් පෙදෙසක්ම මාගේ සුන්දර මවුබිමේ තිබේ. (නි)

:       1       1

චතුරංග Saturday, 05 April 2014 12:38 PM

මේකනම් නියමයි ඇත්තටම හොද වැදගත් පාඩමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 120 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2040 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site