රුසියාවේ දැනට පවතින ජනවාර්ගික අර්බුද හේතුවෙන් රට කොටස්වලට කැඞී යෑමට ඉඩක් පවතින බව එරට අගමැති ව්ලැඞ්මීර් පුටින් අනතුරු අඟවයි. අගමැතිවරයා පෙරේදා (23) රුසියානු පුවත්පතකට ලබා දුන් සමුම්ඛ සාකච්ඡාවකදී සහ මොස්කව් නුවර ජනතා රැලියක් ඇමැතූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු වෙන් වුණු රටවල තවමත් සිවිල් යුද්ධ පවතින බවත් රුසියාව එසේ කැබැලි වීමට ඉඩ නොතැබිය යුතු බවත් අගමැති පුටින් අවධාරණය කර තිබේ. කම්කරුවන් රැකියා සොයා වෙනත් රටවලට සංක‍්‍රමණය වීම හේතුවෙන් සංක‍්‍රමණික නීති දැඩි කොට කම්කරුවන් රටින් පිටවීම අවම කිරීමට නීති සම්පාදනය කරන බව ද පුටින් වැඩි දුරටත් කියා සිටියි. වසර 2000 දී රුසියාවේ ජනපති ධුරයට පත් පුටින්, ලබන මාර්තුවේ පැවැත්වෙන රුසියා ජනාධිපතිවරණයට යළි ඉදිරිපත් වීමට නියමිතය. පුටින් ජනපති ධුරයට පත්වුවහොත් තවත් වසර 6 ක් බලයේ රැඳී සිටිනු ඇතැයි අනාවැකි පළ වී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වාර්ගික අර්බුදවලින් රුසියාව කොටස්වලට කැඞීමේ අනතුරක්