අවුරුදු දෙකක් වයසැති වුවත් ඇඟට පතට නොදැනී රහමෙර පානයේ යෙදෙන ලෝකයේ ලාබාලතම මත්පැන් ලෝලීයා යැයි නමකුදු පබැදී ඇති කුඩා දරුවෙක් චීනයේ අන්හුයි ප්‍රාන්තයේ සිටී.
මත්පැන් පානයේ ප්‍රථම අත්දැකීම මෙම දරුවා ලබා ඇත්තේ යන්තම් මාස 10 ක් වයසැතිව සිටියදී බව සදහන්වේ. ඔහු හඬනු ඉවසාගත නොහැකිවූ ඔහුගේ පියා හඩන දරුවාට වයින් බිදක් පොවා ඇත.එය පානය කළ සැනින් හැඬුම නැවතුණු බව ඔහුගේ දෙමව්පියෝ පවසති.
නිකමට කළ දෙයක් වුවත් ඔවුන්ගේ බිය දැන් වැඩිවී ඇත්තේ චෙන් චෙන්ග් නම් වන මේ දරුවා දැන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින නිසාවෙනි.
චෙන් චෙන්ග් දිනකට මත්පැන් හා බීර බෝතල් දෙක තුනක්වත් පානය කරන බව සදහන්ය.නමුත් ඔහුට අතුරුආබාධ කිසිත් නොමැති බවද පැවසේ.
මෙය අන්තර්ජාලයෙන්,පුවත්පත් වලින් දුටු බොහෝ දෙනා චීන බලධාරීන්ට චෝදනා නැඟීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් චෙන් චෙන්ගේ පුනරුත්ථාපනය කිරීමට සැළසුම් සකස් කෙරෙමින් තිබේ.
ඔහුගේ දෙමව්පියෝ එහි පියවරක් ලෙස චෙන් චෙන්ගේ කිරි හා වෙනත් බීම වර්ග වලට හුරු කරවීමට තැත් කරමින් සිටී.නමුත් මත්පැන් බෝතලක් ඇස ගැසුණු විගස ඔහු එය ඉල්ලා පෙරළි කරන්නේයැයි ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තුර නැද්ද (දී)
අනේ මෙහෙමත් ළමයෙක් පියාගේ වැරැද්ද. (නදී)
ඔන්න පුලුවන්නම් රෙකෝඩ් එක කඩන්න. (දී)
ලමයි හදල දැන් නිකරුනේ මුකුත් නොදන්නා පොඩි එකා විඳවනවා (දී)
ගාමිණි සිරි,ඒ වාර්තාව තියලා තියෙන්නේ ඉන්දුනීසියාවේ දරුවෙක්.(දී)
තව ටික දවසකින් ..ඔය පියාම , තම පුතා ලෝකයේ ලා බාලාම දුම් පානය කරන්නා බවටද පත් කරයි..(දී)
ඉක්මනටම දෙකෙන් එකක් වෙයි (දී)
නියම කොල්ලෙක්නේ (දී)
මේවට පසුතැවෙන්න වෙයි (දී)
පොඩි එකාගේ දෙමවුපියන්ට මොලේ නැද්ද? (දී)