IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


වයසත් දෙකයි : දවසට බීරත් දෙකයි

අවුරුදු දෙකක් වයසැති වුවත් ඇඟට පතට නොදැනී රහමෙර පානයේ යෙදෙන ලෝකයේ ලාබාලතම මත්පැන් ලෝලීයා යැයි නමකුදු පබැදී ඇති කුඩා දරුවෙක් චීනයේ අන්හුයි ප්‍රාන්තයේ සිටී.

මත්පැන් පානයේ ප්‍රථම අත්දැකීම මෙම දරුවා ලබා ඇත්තේ යන්තම් මාස 10 ක් වයසැතිව සිටියදී බව සදහන්වේ. ඔහු හඬනු ඉවසාගත නොහැකිවූ ඔහුගේ පියා හඩන දරුවාට වයින් බිදක් පොවා ඇත.එය පානය කළ සැනින් හැඬුම නැවතුණු බව ඔහුගේ දෙමව්පියෝ පවසති.

නිකමට කළ දෙයක් වුවත් ඔවුන්ගේ බිය දැන් වැඩිවී ඇත්තේ චෙන් චෙන්ග් නම් වන මේ දරුවා දැන් මත්පැන් පානයට ඇබ්බැහි වී සිටින නිසාවෙනි.

චෙන් චෙන්ග් දිනකට මත්පැන් හා බීර බෝතල් දෙක තුනක්වත් පානය කරන බව සදහන්ය.නමුත් ඔහුට අතුරුආබාධ කිසිත් නොමැති බවද පැවසේ.

මෙය අන්තර්ජාලයෙන්,පුවත්පත් වලින් දුටු බොහෝ දෙනා  චීන බලධාරීන්ට චෝදනා නැඟීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් චෙන් චෙන්ගේ පුනරුත්ථාපනය කිරීමට සැළසුම් සකස් කෙරෙමින් තිබේ.

ඔහුගේ දෙමව්පියෝ එහි පියවරක් ලෙස චෙන් චෙන්ගේ කිරි හා වෙනත් බීම වර්ග වලට හුරු කරවීමට තැත් කරමින් සිටී.නමුත් මත්පැන් බෝතලක් ඇස ගැසුණු විගස ඔහු එය ඉල්ලා පෙරළි කරන්නේයැයි ඔවුහු පවසති.



අදහස් (0)

වයසත් දෙකයි : දවසට බීරත් දෙකයි

චානක Friday, 27 June 2014 05:43 PM

පින්තුර නැද්ද (දී)

:       0       0

සිතාරා Friday, 27 June 2014 05:45 PM

අනේ මෙහෙමත් ළමයෙක් පියාගේ වැරැද්ද. (නදී)

:       0       0

තිලක් Friday, 27 June 2014 08:08 PM

ඔන්න පුලුවන්නම් රෙකෝඩ් එක කඩන්න. (දී)

:       0       0

අරවින්ද ඩුබායි Monday, 30 June 2014 08:12 AM

ලමයි හදල දැන් නිකරුනේ මුකුත් නොදන්නා පොඩි එකා විඳවනවා (දී)

:       0       0

චමින්ද Sunday, 29 June 2014 01:26 PM

ගාමිණි සිරි,ඒ වාර්තාව තියලා තියෙන්නේ ඉන්දුනීසියාවේ දරුවෙක්.(දී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 28 June 2014 07:12 PM

තව ටික දවසකින් ..ඔය පියාම , තම පුතා ලෝකයේ ලා බාලාම දුම් පානය කරන්නා බවටද පත් කරයි..(දී)

:       0       0

අර්ජුන Sunday, 29 June 2014 03:45 AM

ඉක්මනටම දෙකෙන් එකක් වෙයි (දී)

:       0       0

චමින්ද Monday, 30 June 2014 12:01 PM

නියම කොල්ලෙක්නේ (දී)

:       0       0

අර්ජුන් Sunday, 29 June 2014 05:02 AM

මේවට පසුතැවෙන්න වෙයි (දී)

:       0       0

ඇල්බට් Friday, 27 June 2014 04:39 PM

පොඩි එකාගේ දෙමවුපියන්ට මොලේ නැද්ද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 5 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1527 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1667 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site