වයඹදිග පාකිස්තානයේ කුරාම් ගෝත‍්‍රික පිරිස් වැඩි වශයෙන් වෙසෙන ජොගී ප‍්‍රදේශයේ පෙරේදා (31) පාකිස්තාන හමුදාවන් හා ප‍්‍රචණ්ඩකාරීන් අතර හටගත් ගැටුම් නිසා සෙබළුන් 10 දෙනෙකු හා ප‍්‍රචණ්ඩකාරීන් 40 දෙනෙකු මියගිය අතර, සිවිල් වැසියෝ 32 ක් තුවාල ලැබූහ. නැවතත් හටගත් මෙම ගැටුම් නිසා, ප‍්‍රචණ්ඩකාරී පිරිස් හා පාකිස්ථාන රාජය අතර සාම සාකච්ඡා බිඳ වැටීමට ඉඩ ඇතැයි යුද නිරීක්ෂණ කණ්ඩායම් කියා සිටිති. මෙම ගැටුම් හට ගැනීමට හේතුවූයේ ප‍්‍රචණ්ඩකාරීන්, ජොගී හි ආරක්ෂක මුරපොළකට ප‍්‍රහාර එල්ල කිරීමයි. ජොගී ප‍්‍රදේශය පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තාන මායිමේය. මියගිය ප‍්‍රචණ්ඩකාරීන්ගේ පිරිස ඉතා අඩු බව ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය කියයි. රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට පටහැනි ප‍්‍රකාශ හා මියගිය සංඛ්‍යා අඩුකර දැක්වීමට ප‍්‍රචණ්ඩකාරී සංවිධාන බොහෝ අවස්ථාවල ක‍්‍රියාකරති. අල්කයිඩා සංවිධානයට හා ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ පාකිස්තානයේ තලෙයිබාන් සංවිධානයේ සාමාජික පිරිස්, වයඹදිග පාකිස්තානයේ ජොගී ප‍්‍රදේශය පුරා පැතිර සිටිති. මුරපොළට ප‍්‍රහාර එල්ලවූ අවස්ථාවේදී පාකිස්තාන හමුදා ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ අතර ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාද කැඳවන ලදී. පාකිස්තාන රජය හා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තලෙයිබාන් සංවිධානය අතර පැවැති ගවේෂණාත්මක සාම සාකච්ඡා මෙතෙක් ප‍්‍රතිඵල රහිත, ප‍්‍රගතියකින් තොරව අවසන්වී තිබේ. තවද මීට පෙර පැවැති සාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට රජය සමත් වී නොමැත.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd