IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වයඹදිග පාකිස්තානයේ රජයේ හමුදා ප‍්‍රචණ්ඩකාරී සංවිධාන අතර යළි ගැටුම්

වයඹදිග පාකිස්තානයේ කුරාම් ගෝත‍්‍රික පිරිස් වැඩි වශයෙන් වෙසෙන ජොගී ප‍්‍රදේශයේ පෙරේදා (31) පාකිස්තාන හමුදාවන් හා ප‍්‍රචණ්ඩකාරීන් අතර හටගත් ගැටුම් නිසා සෙබළුන් 10 දෙනෙකු හා  ප‍්‍රචණ්ඩකාරීන් 40 දෙනෙකු මියගිය අතර, සිවිල් වැසියෝ 32 ක් තුවාල ලැබූහ. නැවතත් හටගත් මෙම ගැටුම් නිසා, ප‍්‍රචණ්ඩකාරී පිරිස් හා පාකිස්ථාන රාජය අතර සාම සාකච්ඡා බිඳ වැටීමට ඉඩ ඇතැයි යුද නිරීක්ෂණ කණ්ඩායම් කියා සිටිති. මෙම ගැටුම් හට ගැනීමට හේතුවූයේ ප‍්‍රචණ්ඩකාරීන්, ජොගී හි ආරක්ෂක මුරපොළකට ප‍්‍රහාර එල්ල කිරීමයි. ජොගී ප‍්‍රදේශය පිහිටා ඇත්තේ ඇෆ්ගනිස්තාන මායිමේය. මියගිය ප‍්‍රචණ්ඩකාරීන්ගේ පිරිස ඉතා අඩු බව ඇෆ්ගන් තලෙයිබාන් සංවිධානය කියයි. රජයේ ආරංචි මාර්ග පවසන ආකාරයට පටහැනි ප‍්‍රකාශ හා මියගිය සංඛ්‍යා අඩුකර දැක්වීමට ප‍්‍රචණ්ඩකාරී සංවිධාන බොහෝ අවස්ථාවල ක‍්‍රියාකරති. අල්කයිඩා සංවිධානයට හා ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ පාකිස්තානයේ තලෙයිබාන් සංවිධානයේ සාමාජික පිරිස්, වයඹදිග පාකිස්තානයේ ජොගී ප‍්‍රදේශය පුරා පැතිර සිටිති. මුරපොළට ප‍්‍රහාර එල්ලවූ අවස්ථාවේදී පාකිස්තාන හමුදා ඊට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ අතර ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාද කැඳවන ලදී. පාකිස්තාන රජය හා අල්කයිඩා සංවිධානයට සම්බන්ධ තලෙයිබාන් සංවිධානය අතර පැවැති ගවේෂණාත්මක සාම සාකච්ඡා මෙතෙක් ප‍්‍රතිඵල රහිත, ප‍්‍රගතියකින් තොරව අවසන්වී තිබේ. තවද මීට පෙර පැවැති සාම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් ලෙස රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට රජය සමත් වී නොමැත.



අදහස් (0)

වයඹදිග පාකිස්තානයේ රජයේ හමුදා ප‍්‍රචණ්ඩකාරී සංවිධාන අතර යළි ගැටුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site