මීළඟ ජනාධිපතිවරණයට තමා සමඟ තරග වදින විපක්ෂ අපේක්ෂක හෙන්රීකේ කැප්රියේල්ස් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණයක් පවතින බවත් ඊට රජයේ කිසිදු සම්බන්ධයක් නැති බවත් වෙනිසියුලා ජනාධිපති හියුගෝ චාවේස් පවසයි. කැප්රියේල්ස් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබද තොරතුරු ලැබී ඇත්තේ බුද්ධි අංශවලින් යැයි ද වෙනිසියුලා ජනාධිපතිවරයා පවසයි. චාවේස්ට අභියෝග කරමින්, චාවේස්ගේ පාලනය පෙරළා දැමීමට මීළඟ ජනපතිවරණයේදී කැප්රියේල්ස්ට ජන බලයක් ලැබෙනු ඇතැයි ද පෙනී ගොස් තිබේ. කැප්රියේල්ස් මේ වනවිට වෙනිසියුලාව පුරා සංචාරය යෙදෙමින් මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටියි. එම ඝාතන සැලැස්මට සම්බන්ධ වී සිටින්නේ විපක්ෂ කණ්ඩායම් යැයි ද ජනපතිවරයා වැඩි දුරටත් කියා සිටින අතර කැප්රියේල්ස්ට ආරක්ෂාවක් ලබා දීමට ද තමන් සූදානමින් සිටින බව පවසයි. කැප්රියේල්ස්, වෙනිසියුලාවේ මිරැුන්ඩා ප‍්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ද වෙයි.
2025 දෙසැම්බර් මස 18
181
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙනිසියුලා විපක්ෂ නායක ඝාතන තැතක්