
වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.
ලොව වටා ඇති ඩිස්නිලන්තවල විනී ද පූ වලසා මෙන් සැරසුණු රංගන ශිල්පීන් දකින්න ලැබේ.
ඔවුහු ඩිස්නිලන්තයට පැමිණෙන නරඹන්නන් සතුටු කරමින්, ඔවුන් සමඟ ඡායාරූපවලට ද පෙනී සිටිති.
පසුගිය දා චීනයේ ඩිස්නිලන්තයේ දී පූ වලසා ලෙස සැරසී සිටි රංගන ශිල්පියාට, එම ඩිස්නිලන්තයට පැමිණි නරඹන්නකු පහර දීමේ සිද්ධියක් වාර්තා වේ.
ජංගම දුරකතනයකින් පටිගත කෙරුණු එම දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනී ද පූ වෝල්ට් ඩිස්නි නිර්මාණයක් නොවේ. ඒ. ඒ. මිල්න් නිර්මාණය කළ චරිතය රූපයට නැගුවේ ඊ. එච්. ශෙපර්ඩ්. මේ ගහන්න හේතුව බොහෝවිට පූ චරිතය යොදාගන්නවා. ඵක්තරා රාජ්‍ය නායකයකුව උපහාසයට ලක්කරන්න. මේ නවතම සිදුවීමේ ඉතිහාස සම්බන්ධය බැරැක් ඔබාමාගේ කාලයට සම්බන්ධ එකක්.
විනී ද පූ කාටුන් එක චීනයේ තහනම් කරා... විනී චීන ජනාධිපති වගේ පෙනුම කියලා. ඒ නිසා ජනාධිපතිට කැමැති කෙනෙක් පූ ඉන්නවා දැකලා ගැහුවාද දන්නේ නෑ. ඇත්තටම රටක් පාලනය කරන කෙනෙක් ඔච්චර සංවේදී වෙලා බෑ. ඒකාධිපති පාලනයක් තියන මැතිවරණ නැති විරුද්ධ පක්ෂ නැති රටක පාලකයින් නිසා ඕවා ඔරොත්තු නැතුව ඇති. මොනවා වුණත් අපේ දේශපාලකයින් සහ බොහෝමයක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දේශපාලකයින් ඔයිට වැඩිය හොඳට තමුන්ගේ ගැන තියෙන කාටුන් පවා විඳගන්නවා...