වේදනා නාශක ඖෂධ ගැනීමෙන් හෘදයාබාධ හා අඝාතය වැළදෙන බවත් අකල් මරණවලට ගොදුරුවීමේ අවධානමක් පවතින බවත් බ්‍රිතාන්‍යයේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී ඇත.
ලන්ඩන් විශ්වවිද්‍යාලය සහ ඩන්ඩි විශ්වවිද්‍යාලය එක්ව මෙම පරීක්ෂණය සිදුකැර තිබේ. ජලයේ ද්‍රාව්‍ය වේදනා නාශක දිනපතා පානය කරන රෝගීන් එම ඖෂධ ගැනීමෙන් වැළකිය යුතුයැයි ද පර්යේෂණය කළ විද්‍යාඥයෝ පවසති.
වේදනා නාශක පෙතිවල ආරක්ෂාකාරී මට්ටමට වඩා සියයට 50ක ප්‍රමාණයක් ලුණු අඩංගුවීම ඊට හේතුවී තිබේ. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ පැරසිටමෝල්, ඇස්ප්‍රින් හා ඉබියොප්‍රොපින් භාවිතය හේතුවෙන් ආඝාතය වැළදීමේ ප්‍රතිශතය සියයට 22කින් ද අධි රුධිර පීඩනය වැළදීමේ ප්‍රතිශතය සියයට හතකින් ද වැඩිවන බව පර්යේෂකයන් පවසයි. ඔවුන් පවසන්නේ අකල් මරණවලට ගොදුරුවීමේ ප්‍රවණතාව ද මේ හේතුවෙන් සියයට 28කින් වැඩිවී ඇති බවයි.
බ්‍රිතාන්‍ය රජයේ නිර්දේශයට අනුව දිනකට ග්‍රෑම් හයකට වඩා ලුණු ආහාරයට එක්කිරීම සෞඛ්‍යයට තර්ජනයකි. ජලයේ දියවන වේදනා නාශක නිෂ්පාදනය කිරීමේදි එහි ලේබලයේ මේ වේදනා නාශක වල අධික ලුණු ප්‍රමාණයක් අඩංගු බවට අවවාදයක් මුද්‍රණය කිරීම අත්‍යාවශ්‍ය වන බව ද පර්යේෂණ කණ්ඩායම පවසා අවධාරණය කැර තිබේ. මේ වේදනා නාශක වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීමට හැකිවීමත් පහසුවෙන් ගිලීමට පහසු ආකාරයෙන් හා ජලයේ ඉක්මණින් දියවන ආකාරයෙන් නිෂ්පාදනය කැර තිබීමත් හේතුවෙන් රෝගීන් ඒවා භාවිතයට වඩාත් පෙළඹී ඇත. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ රෝගීන් එහි අනියත ප්‍රතිඵල අත්විදිමින් මරණය ඉක්මණින් තමන් වෙත කැ
දවා ගැනීමයි.
නිර්දේශිත මට්ටමට වඩා ලුණු අඩංගු ඖෂධ ජලයේ පෙන දමමින් දියවේ. මේ අවස්ථාවේදී පර්යේෂකයන් වැඩි අවධානයට ලක්කැර ඇත්තේ ජලයේ දියවන පැරසිටමෝල්, ඇස්ප්‍රින් හා ඉබියොප්‍රොපීන්, විටමින් ඩි, සින්ක් හා කැල්සියම් අඩංගු ඖෂධ කෙරෙහිය.
පර්යේෂණය සදහා බ්‍රිතාන්‍යයේ ජනතාවගෙන් ලක්ෂ 129ක දත්ත පදනම් කැරනෙ ඇත.
ඩැන්ඩි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තෝමස් මැක්ඩොනල්ඩ් පවසන්නේ ඇතැම් ඖෂධවල ඇති ලුණු ප්‍රමාණය ගැන දැනගත් විට තමන් පුදුමයට පත්වූ බවයි. මහාචාර්ය මැක්ඩොනල්ඩ් වැඩිදුරටත් මෙසේ ද කීවේය.
'' බ්‍රිතාන්‍යයේ වසරකට මරණ 180,000ට හේතුවන්නේ අඝාතය හා හෘදය අකර්මන්‍ය වීම්. මේ මරණවලට ආසන්නම හේතුව විය හැක්කේ අධික ලෙස වේදනානාශක වලට හුරුවී සිටීම විය හැකියි. අපේ රෝගීන් ඖෂධ ගැනීමේ දී එයින් සිදුවන වාසිය ගැන විතරයි සිතන්නේ. එහි අතුරු විපාක ගැන කිසිදු අවධානයක් නැහැ. "
සිදුකළ පර්යේෂණයට අනුව ලොව පුරා රෝගීන් වේදනා නාශක භාවිතයේ දී දෙවරක් සිතා බැලිය යුතු බව පැහැදිලි කරුණකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල්,කුමරන ඔබ දේපල ඉතා නිවැරදී,දේශීය වේද කමට ඇත්තේ කුඩම්මාගේ සලකිලක්,දේශීය වෛද්‍යවරුනට බට හිර බෙහෙත් නිකුත් කිරීම තහනම් කලයුතු. (අ)
අපට තිබෙන විශිෂ්ට සිංහල වෙදකම අමතක කරලා බටහිර වෙදකමට පුරුදුවෙලා, ආයෙත් අපේ වෙදකමට නැඹුරුවෙන එක තමයි හොද, රජයත් බටහිර වෙදකමට දක්වන සැලකිල්ල අපේ දේශීය වෙදකමට දක්වන්නේ නැහැ.(නදී)
ළදරුවන්ට උන ගැනී ඇති විටක ශරීර උෂ්ණත්වය පහල දැම්මේ නැතිනම් වලිප්පුව හැදීමට බෙහෙවින් ඉඩ තිබෙනවා. කිසිම කසායකින් එවැනි විටක උන බැස්සවීමට සැනකින් කිරීමට නොහැකිය.එවැනි අවස්ථාවල පැරසිටමෝල් වැනි බෙහෙතක් අනිවාර්යෙන්ම දිය යුතු වේ. වලිප්පුව ඇති උනොත් මොලයට හානි වීම හෝ මරණය පවා සිදු වේ. මෙවැනි මිත්‍යා කතා වලින් මව්වරුන් රවටන්න එපා. (නදී)
මිනිස්සු උද්ඝෝෂණ කරන්න ඕනේ මේවටයි. බටහිර බේත්, පොහොර , නිසා කොච්චර මිනිස්සු නිරපරාදේ අපේ රටේ මැරෙනවද? මෙච්චර හොඳ සිංහල වෙදකම්, අපේම ජීවන ක්‍රමයක් තියෙද්දී එහෙම කරන එකයි, වෙන්න ඉඩ ඇරලා බලන් ඉන්න එකයි දෙකම ලොකු වැරදී. හිතන විදිය වෙනස් කරන්න අපේ දේවල අගේ වටහල දෙනේක ඉස්කෝල වලින් පටන් ගන්න ඕනේ. අධ්‍යාපන ඇමති තුමා මේවා බලනවද? ජාතික හැගීම් නැතිවුනෙත් බටහිරට වැඳ වැටීම නිසායි. දැන් පේනවනේ එයාල අපිට ගරහන හැටි? සිංහල මිනිස්සු එක්ක කතාකරන්න පවා අකමැති වුනා අර එංගලන්තෙන් ආපු දේශපාලකයෝ කියන පිරිස නේද? මේ සේරම එකකට එකක් සම්බන්ධයි. අපිට ආවේනික දේවල් වලින් ජීවත් වෙන්න බලනවා නම් ලෙඩත් ප්‍රශ්නත් අඩුවෙයි. හදවත් රෝගීන් හැමදාම ඇස්ප්‍රින් ගන්නම ඕනේ.? කොච්චර ලොකු ආදායම මගක්ද ඒ? ඒ වෙනුවට ලේ කැටි නොගැසෙන්න ගන්න පුළුවන් ඉරමුසු ගොටුකොල වගේ තව ජාතිත් ඇතිනේ ? (වෙදකම දන්නා අය ඒවා ගැන මිනිසුන්න්ට දැනගන්න සලස්වන්න ) සමහර ඔලුව රිදීම් දෙහි බීවම ඇරෙනවා. දෙහි ඉඟුරු සුදුලූනු රතු ළූණු වගේ දේවල් ගෙවතුවල හෝ පෝච්චි වල පිරිසිදුවට ( විස පොහොර නොදා ) වවා ගත්තොත් ඒවා වේදනා නාශක කෑම වර්ග. (නදී)
සහතික ඇත්ත. ෆාමසි මාෆියාව ඉතාම ප්‍රබලයි. බොහෝ උගතුන් ආයුර්වේදයට යොමු වෙනවා. (බට හිර) මොකද බොහොමයක් මිනිසුන්ට බෙහෙත් පෙති නැතිවම බැහැ. හැම ගෙදරකම බෙහෙත් ගබඩාවක් තිබෙනවා. ෆාමසි සාමාන්‍ය ආහාර ද්‍රව්‍ය තිබෙන කඩ වලට වඩා වැඩියි. හැබැයි අපී බොහෝ දෙනෙක් ආයුර්වේදය හරියට ජනතාව අතරට ගෙනිහින් නැහැ තාම.(නදී)