IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය

රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා, මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවූයේ, ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය, යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (4)

වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය

රංබොඩ Friday, 14 June 2024 01:13 PM

ජී7 හදාගෙන තියෙන්නේම ඇමරිකාවට ඕන විදිහට රුසියාව වට්ටන්නනේ. ඉතින් ගන්න තීරණ කොහොමත් සාධාරණ වෙන්නෙ.නෑ. රුසියාවයි යුක්රේනයයි කියන්නෙ එකම මවගේ දරුවන් වගේ. ඒ දෙගොල්ල විරසක කළේ බටහිර ඒකාධිකාරය

:       12       110

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Friday, 14 June 2024 02:23 PM

සමහරු හිතන, කියන විදියට යුක්රේනය සහ රුසියාව එක මවකගේ දරුවන් නොවෙයි! රුසියාවේ නැතිවුණා වූ "සෝවියට් සමූහාණ්ඩුව යළි ස්ථාපිත කිරිම සඳහා රුසියාවේ ඒකාධිපති, ජනාධිපති පූටින් විසින් සාමකාමී සුබවාදී, අසල්වැසි රාජ්‍යයක් වූ යුක්රේනය අමානුෂික අන්දමින් සිය යකඩ සපත්තුවෙන් පාගා, විශාල මිනිස් සංහාරයක් මෙන්ම දෙපළ හානි අති විශාල අන්දමින් සිදු කළ ෆැසිස්ට්වාදය රජකරන රාජ්‍යයක් වන බව නොරහසකි. එය නොදන්නා සමහරු පූටින් සිය ගැලවුම්කරු ලෙසට සලකනු ලබයි...!

:       100       26

kotiya Friday, 14 June 2024 09:45 PM

නන්දලාල් සිල්වා මහත්තයාව දැක්කේ සහෙන කාලෙකින්. පොඩි දෙයක් දැන ගන්න කැමතියි. 1962 දී රුසියාව කියුබාවේ මිසයිල ස්ථාන ගත කරන්න ගියාම ඇමෙරිකාව ඒකට විරුද්ධ උනා. හැබැ‍යි ඒ ඇමෙරිකාවම යුක්‍රේනයේ මිසයිල ස්ථාපිත කරන්න යනවා නේටෝව හරහා. රුසියාව ඉවසයිද?

:       5       55

RANJAA Saturday, 15 June 2024 02:22 PM

මෝඩ පාලකයන් රටවල් අසරණ කරන ආකාරය හරි අපූරුයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site