අනවශ්‍ය ලෙස කී‍්‍රඩා පුහුණු වීම් කරන ලෙස තම 10 හැවිරිදි දියණියට බල කිරීම හේතුවෙන් දකුණු අපි‍්‍රකා යුවළක් මීනී මැරීමට තැත් කිරීම හා ළමා අපරාධ චෝදනා යටතේ දඩුවම් ලැබ සිටිති. ඒ දැරියගේ 38 හැවිරිදි මව සහ 31 හැවිරිදි පියා එම දෙදෙනාය.
දියණිය පිහිණුම් කී‍්‍රඩිකාවකි. ඇය පුහුණුවීම් කරන දෙස බලා සිටින මාපියන් කොපමණ මහන්සි වී පැමිණියත් ඇයට පහර දී නැවත පුහුණු වීම් කරන ලෙස බල කරති.
දැනට පොලිස් අත්අඩංගුවට සිටින මාපිය යුවළගේ චෝදනා පරීක්ෂණ වලින් ඔප්පු වුවහොත් ඔවුන්ට අවම අවුරුදු 10 කට වත් සිර දඩුවම් නියම වන බව බලධාරීන් පවසයි.
දැරිය ළමා සුරැකුම් මධ්‍යස්ථානයකට භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ අම්මල දරුවෝ තරම් වටින දෙයක් මේ ලෝකේ නැ, හැමෝටම එක වගේ දක්ෂතා නැ, ඒ නිසා අපි නිසා මේ ලෝකය දකින දරුවන්ව පණවගේ ආදරයෙන් රැකගන්න, දරුවෙක් ඇවිදලා කරලා එන්නවනම් එක තමි උතුම් සැපත. (ස)
දෑසට කදුළු ඉනු කතාවකි...!! (නි)
ඔබේ කතාව කියවල හිතට හරිම දුකක් දැනුනා. ගුණරත්න දරුවට කතා කරන්න වාසනාව ලැබේවායි පතමි (නදී)
ලංකාවේ තත්වයත් ඕකම තමා, දෙමාපියන්ට කරන්නට බැරිවුන සියලු දේ දරුවන් ලවා කරවන්න බල කරනවා . (නදී)
අපේ රටේ මේ වගේ නීතියක් තියෙනවා නම් අපේ අම්මලාගෙන් බාගයක්ම හිරේ. මොකද ළමයින්ට 5වසර ශිෂ්‍යත්වයට මරවන අම්මලා තමයි ගොඩක් අය.(නදී)
දැන් ලෝකයේ බොහෝ දෙමාපියන්ට තිබෙන්නේ පරිගණක මොළ. එහෙම අයගේ දරුවන්ගේ ලොකුම හතුරා දෙමාපියන්. (නි)
මම පුළුවන් උපරිමෙන් ඉගනගෙන, අද උසස් රැකියාවක් කරන කෙනෙක්. මම කතික තරග වලින් ලංකාවෙන් පළවෙනියා වුනා අවුරුදු ගණනක්. විවාද කණ්ඩායමේ නායිකාව වුනා. රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කලා. ඒත් මගේ 8 හැවිරිදි දුවට කතාකරගන්න බැහැ. හදවතින් අඩන මගේ එකම සම්පත දරුවා. එයාගෙන් මම පතන්නේ එයාගෙම සතුට විතරයි. මේ කතාව දකින අම්මල, තාත්තලා තමන්ගේ දරුවෝ ගැන ගොඩක් සතුටු වෙන්න. (නදී)
හරිම දුකයි මේ කතාවට (නි)
ගුණරත්න, මම ඔබ දනිමි ඔබ නීති වේදියෙක් ඔබ නීතියේ මුවාවෙන් , ඉතිරි ටික හිතා ගන්න.(නදී)
ගුණරත්නගේ දුවට ඉකමන් සුව (නදී)