ගර්භනී සමයේදි විටමින් ඩී සහිත ආහාර වැඩිපුර ලබාගන්නා මව්වරුන්ගේ දරුවන් ශක්තිමත් බව නවතම පර්යේෂණයකින් හෙළි අනාවරණය වී ඇත. බ්‍රිතාන්‍යයේ සදන්පටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් මෙම පර්යේෂණය කළහ.
මෙම පර්යේෂණයට බ්‍රිතාන්‍ය මව්වරු හා දරුවෝ 700ක් යොදාගනු ලැබූහ. හිරුගෙන් ලැබෙන විටමින් ඩී ඔවුන්ගේ ලේවල ඇතැයි හෙළි වී ඇත.
පර්යේෂණයට සහභාගී වූ විද්‍යාඥයන් පවසා සිටියේ ගර්භාෂයේදි දරුවන්ගේ මාංශ පේෂී වර්ධනයට විටමින් ඩී ඉවහල් වන බවයි. එමඟින් පසුකාලීනව එම දරුවන්ට ක්‍රියාශීලීව වැඩ කිරීමට හැකියාව ලැඛෙන බවත් එම විද්‍යාඥයෝ පවසා සිටිති.
එමෙන්ම තරුණ වියේදි ශක්තිමත් මාංශ පේෂී ඇති පුද්ගලයන් මහලූ වියේදි රෝගාබාධ වලට ගොදුරුවීමේ හැකියාව අවම බවත් කැඩුම් බිඳුම් වලට ගොදුරු වීම අවම බවත් මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.එසේම තරුණ වියේදි ශක්තිමත් මංශ පේෂී ඇති පුද්ගලයන්ට දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානම අඩු බවද මෙම පර්යේෂණයේදී අනාවරණය වී ඇත.
මෙම පර්යේෂණයට සම්බන්ධ වූ පර්යේෂකයන් කියනුයේ තෙල් සහිත මාළු ආහාරයට ගැනීමෙන් විටමින් ඩී ලබා ගත හැකි බව බවයි.ඔවුන් තවදුරටත් පවසා සිටියේ හිරු කිරණට විවර වීමෙන් වැඩිපුර විටමින් ඩී ලබාගත හැකි බවයි.
එසේම තවත් පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ ගර්භ‚ සමයේදි විටමින් ඩී අඩුවෙන් ලැඛෙන මව්වරුන් දාව බිහිවන දරුවන් දුර්වල අස්ථීන් සහිතව බිහිවන බවයි.
මෙම පර්යේෂණයට සම්බන්ධ වූ විද්‍යාඥයන් අවධාරණය කර සිටියේ කිරි දෙන මව්වරුන් සහ ගර්භණී මව්වරුන් දිනපතා විටමින් ඩී මයික්‍රෝග්‍රෑම් දහයක ප්‍රමාණයක්වත් ලබාගත යුතු බවයි.
(ඩේලිමේල් ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ වැඩිහිටියෝ දැනගෙන හිටියා ගර්භනී සමයේදි ගන්න ඕන අහාර ගැන. නමුත් අද කාලේ ළමයි පරණ දේවල් අමතක කරලා බටහිර පන්නයටනේ හැම දෙයක්ම කරන්නේ. අමුතුවෙන් විටමින් අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ සිංහල විදිහට ආහාර ගන්නවා නම්.(නදී)
අයියෝ ඕක වේලපහින් දැනගෙන හිටියනම් අපේ කට්ටියට හොන්ඩර ගනනින් දෙනවනේ.(නදී)