ඇමෙරිකාවේ යුද සහ තානාපති රහස් ලොවට හෙළි කළ විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් ඇසෙන්ජ්, ලබන වසරේ පැවැත්වෙන ඕස්ටේ‍්‍රලියා සෙනෙට් සභා මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියි. ඇමෙරිකාවේ උදහසට ලක්ව සිටින, ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු වන ඇසෙන්ජ් (40) මේ වනවිට ජීවත් වන්නේ බි‍්‍රතාන්‍යයේය. ස්වීඩනයේ කාන්තාවන් දෙදෙනක අපහරණයට ලක් කළේ යැයි ඇසෙන්ජ්ට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වේ. ඇසෙන්ජ්, ස්වීඩනයට යවන්නැයි බි‍්‍රතාන්‍ය අධිකරණය තීන්දුවක් දී ඇති නමුත් ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කර ඇත. ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්ගේ පාලනයට එරෙහිව තමා වික්ටෝරියා ප‍්‍රාන්තයේ ‘ලාලෝර්’ කොට්ඨාසයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බව ඇසෙන්ජ් පවසයි.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විකිලීක්ස් නිර්මාතෘ ඇසෙන්ජ් ඕස්ටේ‍්‍රලියා සෙනෙට් මැතිවරණයට