ලැට්වියාවේ දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය කරමින්, එරට අග්‍රාමාත්‍ය එලිකා සිලීනා ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය.  එලිකා සිලීනා ඇගේ සභාග රජයේ ප්‍රධාන හවුල්කරුවකු වන වාමාංශික ‘ප්‍රගතිශීලී පක්ෂය’ සභාග රජයෙන් ඉවත් වීමත්, ඒ අනුව සිලීනාට සිය බහුතරය අහිමිවීමත් මෙම ඉල්ලා අස්වීමට හේතුවක් විය.

ලැට්වියාව, යුක්රේනයට ආදන්නයේ පිහිටින රටකි. රුසියාවට, බෙලරූසයට, එස්තෝනියාවට සහ ලිතුවේනියාවට මායිම් වෙයි.
ඉකුත් මැයි 7 වැනිදා යුක්රේනයට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානා දෙකක්, ලැට්වියා ගුවන් සීමාව උල්ලංගනය කරමින්, ලැට්වියාවට ඇතුළු විය. එක් ඩ්‍රෝන යානාවක් ලැට්වියාගේ ගොඩනැගිලි සංකීර්ණයකට කඩා වැටී, එම ගොඩනැගිල්ලට හානි විය.

මෙය ලැට්වියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය. ලැට්වියාවේ ආරක්ෂක අමාත්‍ය අන්ද්‍රේස් ස්පෘඩ්ස්ය. මොහු ස්පෘඩ්ස් ප්‍රගතිශීලී පක්ෂ සාමාජිකයෙකි. මෙම සිද්ධිය මුල්කොට ගනිමින් අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍ය අන්ද්‍රේස් ස්පෘඩ්ස් දොස් නැගූ අතර, එය දේශපාලන අර්බුදයක් තෙක් දුරදිග ගියේය. ස්පෘඩ්ස් ප්‍රගතිශීලී පක්ෂය, රජය සමග සන්ධානයෙන් ඉවත් වීමට තීරණය කළේ ඒ අනුවය. එම තීරණයත් සමග අග්‍රාමාත්‍යවරියගේ සන්ධාන රජය බිඳ වැටුණි. අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වීමට තීරණය කළාය.

එලිකා සිලීනා, 2023 වසරේ සිට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අතර, ඇයගේ ඉල්ලා අස්වීම සිදුවන්නේ ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට මාස කිහිපයක් පමණක් ඉතිරිව තිබියදීය. 

ලැට්වියා ජනාධිපති එඩ්ගාර්ස් රින්කෙවික්ස් නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හමුවීමට නියමිතව සිටියේය.