IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) අමතද්දී, කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් අප්‍රිකාවට අයත් ලෙසතෝ නමැති කුඩා රාජ්‍යයේ විදෙස් ඇමැතිවරයා, ජනාධිපති ට්‍රම්ප්ට සිය අප්‍රසාදය පළ කර ඇත.

කෙංග්‍රසය අමතද්දී, ට්‍රම්ප් සිය පාරිපාලනය මැදිහත් වී, ඇමෙරිකන් ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක, ‘නාස්තිකාර’ විදෙස් ආධාර වැඩසටහන් ගැන පැහැදිලි කළේය. මේ වනවිට එවැනි ආධාර වැඩසටහන් බොහොමයක් නවත්වා දැමීමට ට්‍රම්ප් තීරණය කළ තිබේ.

එම ආධාර වැඩසටහන් යටතේ, ඇමෙරිකාව, ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක මුදලක්, ලෙසතෝ රාජ්‍යයට ලබා දී ඇත්තේ, එරට රාජ්‍ය නොවන සංවිධානයක් හරහා, සමරිසි පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටය.

‘අප්‍රිකාවේ ලෙසතෝ කියන රටට, අපි ඇමෙරිකන් ඩොලර් මිලියන 8 ක් ආධාර ලබා දී තිබෙනවා. ලෙසතෝ කියා රටක් තිබෙනවා ද කියලවත් මම දන්නේ නැහැ. ඒක කොහෙ තියෙන රටක් ද? ඒ රටේ සමරිසියන් වෙනුවෙන්. ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් කිසිම වැඩකට නැති ව්‍යාපෘති සඳහා යොදවලා.’ යැයි ට්‍රම්ප්, කොංග්‍රසය අමතමින් පැවැසීය.

ලෙසතෝ රාජ්‍යයේ අප්‍රසාදය මෙම ප්‍රකාශයට යොමු වුණු අතර, ලෙසතෝ විදේශ ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් තහ රටට අපහාසයක් වුණු බවය.

‘ඇමෙරිකන් ජනාධිපතිතුමා කියනවා, ලෙසතෝ කියලා රටක් තිබෙනවාදැයි ඔහු නොදන්නා බව. ඇමෙරිකන් ජනාධිපතිතුමාගේ එම ප්‍රකාශය අපට සිත්තැවුලක්. අපහාසයක්. මා රජය වෙනුවෙන්, ඇමෙරිකන් ජනාධිපතිතුමාට ඇරයුම් කරනවා. එන්න. ලෙසතෝ රාජ්‍යයට ඇවිත්, අපේ රට දැක ගන්න.’ යැයි විදෙස් ඇමැති ජෝන් පොට්ජෝනේ මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ලෙසතෝ රාජ්‍යය පිහිටා ඇත්තේ, අප්‍රිකා මහද්වීපයේ, දකුණු අප්‍රිකාවට මැදිවය. ලෙසතෝ ජනගහනය මිලියන දෙකකි. ලෙසතෝ යන්නෙහි අරුත ‘අහස් රාජ්‍යය’ යන්නය. අප්‍රිකාවට අයත් ඉතාමත් සුන්දර රාජ්‍යයක් ලෙස ලෙසතෝ සැලකෙයි.

(BBC)



අදහස් (5)

ලෙසතෝ විදෙස් ඇමතිට තරහා ගිහිල්ලා

රුවන් Thursday, 13 March 2025 04:26 PM

ලංකාවටත් වඩා පොඩි ඇබිත්තං රටට පුළුවන් ද ලෝක බලවතා එක්ක හැප්පෙන්න? අන්න අච්චර ලොකු කැනඩාවත් පරාජය බාරගෙන...

:       17       6

සුධීරThursday, 13 March 2025 05:55 PM

මෙයාට කැනඩා වීසා නොලැබුණ නිසා දුකට කියන කතාවක්. කැනඩාව අමෙරිකා එක්සත් ජනපදයට දෙන දඬුවමත් ලේටස්ට් නිවුස් කියවලා බලන්න...

:       1       12

ජිල්බු Thursday, 13 March 2025 05:07 PM

තමන් දන්නැත්තං එහෙම දෙයක් ලෝකෙ නෑ කියලා හිතං ඉන්න තවත් අති පණ්ඩිත සීයෙක්.

:       2       19

Nihal Friday, 14 March 2025 07:17 AM

මොහු හැර ලෝකේ සෑම නායකයෙක්ම ලෝකයේ තිබෙන රටවල් ගණන දන්නවා

:       0       0

Nihal Friday, 14 March 2025 06:22 AM

වර්ණ භේදය ඉහවහ රටකට මෙි වගේ මිනිස්සුන්ට අගෞරව කරන නායකයෙක් පත්වුනාම තව තවත් විදේශීයකයන්ට කරදර වැඩි වෙනවා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site