IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ලොව විශාලතම ගුවන් යානයත් විනාශයි

ලොව විශාලතම ගුවන් යානය ලෙස සැලකෙන මීටර් 84 ක් දිග කිලෝ ග්‍රෑම් 2,85,000 ක් බර යුක්රේනයේ නිෂ්පාදිත ‘ඇන්ටනෝව් ඒ.එන් 225’ ගුවන් යානය ද රුසියන් හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් විනාශ වූ බව යුක්රේන රජය පවසයි.

‘ම්රියා’ (සිහිනය) යන නමින් ද හැඳින්වෙන මෙම ගුවන් යානය ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයයි. පියාපත් දෙකෙහි දිග මීටර් 88 කි.

යානය ‘ඇන්ටනොව්’ ගුවන් යානා නිෂ්පාදන සමාගම විසින් නිපදවන ලද්දකි.

‘ඇන්ටනොව්’ ගුවන් යානා නිෂ්පාදන සමාගම පිහිටා ඇත්තේ යුක්රේනයේය. පැයට කිලෝ මීටර් 850 උපරිම වේගයකින් මෙම යානයට පියාසර කිරීමේ හැකියාව තිබුණු බව මාධ්‍ය පෙන්වා දෙයි.

යානය කියේව් අගනුවර ගුවන්තොටුපොළේ රඳවා තිබුණු බවත්, රුසියන් හමුදා ගුවන්තොටුපොළ ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් එය විනාශ වූ බවත් යුක්රේන රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

‘රුසියානුවන් අපේ ‘ම්රියා’ (සිහිනය) විනාශ කළා. ඒත් රුසියාවට බැහැ යුක්රේනයේ සිහිනය විනාශ කරන්න. අපේ සිහිනය විනාශ කරන්න. අපේ නිදහස අපට අහිමි කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය අපෙන් උදුරා ගන්න’ යැයි රුසියන් විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබාගේ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

කියෙව් ගුවන්තොටුපොළේ තිබී විනාශ වුණු ‘ම්රියා’ යානය පමණක් නොව, සෙසු ගුවන් යානා වෙනුවෙන් ද කෙසේ හෝ රුසියාවෙන් වන්දි ලබා ගන්නා බවත් ඒවා නැවැත නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බවත් යුක්රේන රාජ්‍ය ආරක්ෂක අමත්‍යාංශය පවසයි.

‘ඇන්ටනෝව්’ ගුවන් යානා නිෂ්පාදන සමාගම ඇත්තේ යුක්රේන ආරක්ෂක අමත්‍යාංශය යටතේය.

(සී.එන්.එන්.)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (1)

ලොව විශාලතම ගුවන් යානයත් විනාශයි

Bamunuarachchi Tuesday, 01 March 2022 10:14 AM

මෙහෙම දෙයක් ගැන ප්‍රවෘත්තියක් කැනඩාවේ නම් කියැවුනේ නැත...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 215 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 406 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site