චීනයේ ඩලියන් හා යන්ටායි ප්‍රදේශයන් 2 මුහුද යටින් දිවෙන සැතපුම් 77 ක් දිගු උමං මාර්ගයකින් එකිනෙක හා සම්බන්ධ කිරීමට චීන ඉංජිනේරුවන් සැරසේ.

මෙම උමං මාර්ගය මෙතෙක් ලොව වාර්තා වුණු දිගම උමං මාර්ගය වන බව සදහන්ය.

මේ සදහා අපේක්ෂිත වියදම පවුම් බිලියන 22 කි. 2026 වසර වන විට මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට සැළසුම් කර ඇත.

දැනට ඩලියන් සිට යන්ටායි බලා යන්නෙකුට ගොඩබිමින් සැතපුම් 900 ක දුරක් ගෙවීමට සිදුවන අතර මුහුදින් පැය 8 ක තරණයක යෙදීමට සිදුවේ.

උමග ඉදිකෙරුණු පසු විනාඩි 40 ක වැනි කාලයකින් ඩලියන් හා යන්ටායි අතර යෑම් ඊම් යෙදීමට අවකාශ සැළසෙනු ඇතැයි සදහන්ය.