IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


ලියුකේමියා දැරියකගේ අවසන් පැතුම ඉටුවේ

ලියුකේමියා රෝගයෙන් පෙළෙන දැරියකගේ පැතුමක් ඉටු කිරීමට නත්තල් කැරොල් ගායකයෝ දහස් ගණනක් ඇයගේ නිවස වටා රැස්වූහ. පෙන්සිල්වේනියාවේ ජීවත් වන ඩෙලැනි බ‍්‍රවුන් අවුරුදු 8ක කුඩා දැරියකිඅට වැනි උපන් දිනය සමරනවාත් සමගම නොබෝ දිනකින් ඇය සියල්ලන් සමු ගෙන යන බව වෛද්‍යවරු පවසති.

ඇයගේ සියලූ පැතුම් ඉටු කිරීමට කටයුතු කරන ඇගේ මව ජෙනිෆර් බ‍්‍රවුන්  මේ ‘ලැනිගේ කණ්ඩායම’ නමින් ෆේස්බුක් පිටුවක්ද පවත්වා ගෙන යයි. ඇයගේ හැම පැතුමක්ම ඇය එහි සඳහන් කරයි.

මේ අනුව ජනපි‍්‍රය පොප් ගායිකා ටේලර් ස්විෆ්ට් සමග මුහුණු පොත හරහා කථා කිරීමද, කිඹුල් පැටියෙක් ඇල්ලීම ආදී පැතුම් ඉටු කළේය.

”අද අපිට ජීවිතයේ අහන්න ලැබෙන කනගාටුදායකම ආරංචිය ලැබුණා. ලැනිගේ ලේ වල 70% ක් පිළිකා සෛල තියෙනවාලු. වෛද්‍යවරුන් පිළිකාවට බෙහෙත් කළොත් වෛරසය ලැනි මරණවා. වෛරසයට බෙහෙත් කළොත් පිළිකාව ඇය මරණවා.” යනුවෙන් ඇයගේ උපන් දිනයට දිනයකට පෙර ෆේස් බුක් සටහනක් විය.

විශාල ගායකයින් පිරිසක් එක විට තම මිදුලේ සිංදු කියනවා ඇසීම ඇගේ එක් පැතුමක් බවද ඇය සඳහන් කළේය. එසේම ඇයගේ අවසන් පැතුම මෙය විය හැකි බවද පැවසීය. 

ඒ අනුව පැමිණි 4000 ක් පමණ දෙනා ඉටිපන්දම් දල්වා, නත්තල් තොප්පි පැළඳ ඇයගේ පැතුම ඉටු කළහ. ඒ වන විටත් ඉතා අපහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ හාන්සි වී ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය ‘මට ඔබ ඇසෙනවා. මම ආදරෙයි’ යනුවෙන් මහපට ඇඟිලි දෙක උඩට කළේය.

 

 

 

 

 

                                                                      



අදහස් (0)

ලියුකේමියා දැරියකගේ අවසන් පැතුම ඉටුවේ

සඳුන් Friday, 27 December 2013 05:08 AM

මට ඔයා ගැන දුකයි. ඒත් මොනවා කරන්නද මම ඔයාට ඊලග ආත්මෙදිවත් අපි එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. බුදු සරණයි.(නදී)

:       0       0

සඳුන් චතුරංග Friday, 27 December 2013 06:19 AM

නංගි බබෝ අපිට ඔයා ගැන දුකයි. ඒත් මොනවා කරන්නද? ඒක අපේ වෙලාව වෙන්න ඇති. ඒත් ඔයා දුක් වෙන්න එපා. ඔයාට මේ ආත්මෙදි බැරි වුනාට ලබන ආත්මෙදි අපිත් එක්ක සතුටින් ඉන්න ලැබෙනවා.(නදී)

:       0       0

රානි Thursday, 26 December 2013 02:07 AM

සුමංගල මැරෙන්නම ඕන නැහැ ඔහොම කට්ටිය එකතුවෙන්න. මැරෙන්න කලින් අපි දන්නෙත් නැතිව ටිකට් ගහල ගානක් හොයා ගනී අපේ උන්දලා.(නදී)

:       0       0

සඳුන් Friday, 27 December 2013 06:46 AM

මට ගොඩක දුකයි ඔයාට වුන දේ ගැන.(නදී)

:       0       0

නිර්මාල් Thursday, 26 December 2013 06:49 AM

ඔබට ඉක්මනින්ම ප්‍රාතිහාර්යයකින් හෝ සුවවේවා. මතු උපදින කිසිම ආත්මයක මෙවන් ලෙඩක් නොසෑදේවා.(නදී)

:       0       0

සුමේධ Friday, 27 December 2013 10:45 AM

බුදුසරනයි (අ)

:       0       0

නැනී Friday, 27 December 2013 10:51 AM

නිදුක්වේවා! නීරෝගිවේවා(දිල්)

:       0       0

සෙලිනා Friday, 27 December 2013 11:23 AM

දුවේ ඔබට ඉක්මන් සුවය පතනවා, මෙවන් රුදුරු රෝගයක් ඔබට ජාති ජාතිවත් නොවේවා, ඔබට දිර්ගායුෂ පතමි (දිල්)

:       0       0

මලිනි Friday, 27 December 2013 12:43 PM

මේ චූටි පැටියා දැන් ජීවතුන් අතර නෑ. ඇත්තටම ඇය මෙලොව හැර යාමට කලින් ඇගේ අවසන් පැතුම ඉටු කරපු හැමෝටම ස්තූතියි. සාමදානයේ සැතපේවා........... ජේසු පිහිටයි චූටි පැටියෝ...... (අ)

:       0       0

කමල් Thursday, 26 December 2013 08:49 AM

මේ දෙන ආදර්ශය ගන්න බලන්න.(නදී)

:       0       0

අමිල කටුනායක Thursday, 26 December 2013 09:17 AM

හදවත ඇවිළු පුවතක්.(නදී)

:       0       0

රේනු Wednesday, 25 December 2013 01:32 PM

මට මේ මූනු පොතේ තියෙන පිටුවේ ලිපිනය හොයා ගන්න පුලුවන් වුන කෙනෙක් දෙනවද? (නදී)

:       0       0

නරනප්පා Wednesday, 25 December 2013 01:34 PM

ඔබ සැමට සුබ නත්තලක්! දැරිය කන කැමවේල දෙවැනි වන්නේ ලියුකේමියා රෝගයට පමණි.(නදී)

:       0       0

කොඩී Thursday, 26 December 2013 10:41 AM

කොහොම උනත් අන්තිමේ ඇගේ පැතුම ඉටු උනා. (නදී)

:       0       0

නිමග් Wednesday, 25 December 2013 01:57 PM

සුබ නත්තලක්. ඔබ සුව වේවායි පතමි. (ත)

:       0       0

පහන් Thursday, 26 December 2013 11:52 AM

අනේ මේ සුරංගනාවිය අද උදේ නැතිවෙලා කියල අන්තර්ජාලයේ දාල තියනවා .(නදී)

:       0       0

කපිල Friday, 27 December 2013 04:58 PM

ඔබට නිසැකවම සුව ලැබෙනවා(අ)

:       0       0

මීසා Wednesday, 25 December 2013 04:14 PM

ඔබට ඔබගේ මව හැම දෙයක්ම ලබා දුන්න සුබ නත්තලක්. ඔබ සුව වේවායි පතමි.(දිල්)

:       0       0

පහන් Wednesday, 25 December 2013 04:25 PM

මටනම් හිතෙන්නේ නැහැ මේ දුව නැතිවෙයි කියල .මොකක්හරි හාස්කමකින් මෙයාගේ ජිවිතේ බේරෙනවා (දිල්)

:       0       0

සත්‍යා Wednesday, 25 December 2013 06:13 PM

පුංචි සුරංගනාවී ඔයාට සුභ පැතුම්! ඔයා අපිත් එක්ක ඉන්නවා නම් අපි ගොඩක් ආසයි.(නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Wednesday, 25 December 2013 08:32 PM

මෙහෙ නම් ඔහොම කට්ටිය එකතු වෙන්න මැරෙන්නම වෙනවා.(නදී)

:       0       0

අරුණ Wednesday, 25 December 2013 10:08 PM

සුදු දුවේ අද නත්තල් දවසේ දෙවිසමිදන්නන්ගේ බල මහිමයෙන් , දේව පුත්‍රයා වෙනුවෙන් දෙව් පියනණනි අයට තිර ජීවනය දෙන්න . මේ ඔබ තුරුලට ගන්න හදන මගේ දෙවෙනි දියණිය කර නොගනු මැනවි . ඔබගේ දිව්‍ය පුට්‍රයන්නවහන්සේ වෙබුවෙන් ඇයට සමාව දී ඇයව නිදොස් කරනු මැනවි ආමෙන් (දී)

:       0       0

චන්දි Friday, 27 December 2013 01:37 AM

පුංචි සුරංගනාවියේ,ඔබට ජේසු පිහිටයි! කිසිම අනතුරක් නොවේවා කියා පතමි. පහන් ඔයාට වගේම මටත් හිතෙනවා මෙයා තව ජිවත් වෙයි කියලා. පුංචි දුවට දිර්ගායුෂ ලැබේවා!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ලිබියාවේ ට්‍රිපොලි අගනුවර නොසන්සුන්
2025 මැයි මස 13 0 0

ලිබියාවේ සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතරේ දරුණු අවි ගැටුම් ඇවිලෙයි. ඒ, එක් සන්නද්ධ කණ්ඩායමකට නායකත්වය දුන් අබ්දෙල් ඝානී අල් කික්ලී ඝාතනය වීමත් සමඟය.


ත්‍රස්තවාදයට සමාව නෑ - මෝදි
2025 මැයි මස 13 2 0

ත්‍රස්තවාදයට කිසිදු සමාවක් ලබා නොදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ බිහාර් ප්‍රාන්තයේ පැවැත


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1654 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 101 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 100 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1476 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1227 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1511 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 388 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site