IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


‘ලියෝ වරකට වැඩ දාහක් කරති‘

වරෙකට වැඩ දහසකුත් එකක් කිරීමේ හැකියාව අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින්නේ යැයි සමාජයේ පවතින මතය විද්‍යාත්මකවම තහවුරු කිරීමට ඇමරිකාවේ පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්වූහ.

තරුණ කාන්තාවන් හා පිරිමින් 949 දෙනෙකුගේ මොළ  එම්.ආර්.අයි පරීක්ෂාවන්ට ලක් කිරීමෙන් ලබා ගත් දත්ත සටහන් අධ්‍යනය කිරීමෙන් මේ බව සොයාගැනීමට මෙම පර්යේෂක පිරිසට හැකිව ඇතැයි සදහන්ය.

එම දත්ත සටහන් වලට අනුව කාන්තාවන්ගේ මොළයේ දකුණු හා වම් අර්ධ ගෝලයන් හොදින් එකිනෙක හා සම්බන්ධ වී ඇති බවත් පිරිමින්ගේ මොළයේ ඒ සම්බන්ධය එතරම් හොදින් නොමැති බවත් පර්යේෂක පිරිස සොයාගෙන ඇත.නමුත් පිරිමි මොළයේ පසුපස හා ඉදිරිපස කොටස් කාන්තා මොළයට වඩා හොදින් එකිනෙක හා සම්බන්ධ වී ඇතැයි පර්යේෂක පිරිස පවසයි.

කාන්තාවන්ගේ මොළයේ අර්ධ ගෝල 2 හොදින් සම්බන්ධ වී පැවතීම නිසා ඔවුන්ට තර්කන ශක්තිය මෙන්ම නිර්මානශීලී හැකියාවද එකවර ක්‍රියාවේ යෙදවීමට,වැඩ කටයුතු දෙක තුනක් එකවර කිරීමට,කලකට පෙර හදුනාගත් පුද්ගලයෙකුගේ අලගිය මුලගිය තැන් අද දිනය දක්වාම මතකයේ තබා ගැනීමට ආදී හැකියාවන් ලැබී ඇති බව පර්යේෂකයන් කියයි.

පිරිමින්ට මොළයෙහි පසුපස හා ඉදිරිපස කොටස් හොදින් සම්බනධ වී තිබීමෙන් ලැබී ඇත්තේ සංකීර්ණ වැඩකටයුතු වල සාර්ථකව නියැලීමේ හැකියාව බව පැවසේ.හදිසි අවස්ථාවකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව,රථ වාහන ධාවනය,යතුරුපැදි හා පාපැදි ධාවනය,පිහිනීම වැනි ක්‍රියාකාරකම් වලදී කාන්තාවන් අභිබවා යාමටත් මෙම සම්බන්ධතා නිසාවෙන් ඔවුනට හැකියාව ලැබී ඇතැයි පර්යේෂක පිරිස පවසයි.

නමුත් වාසනාවකට හෝ අවාසනාවකට හෝ බහුකාර්යය සාධන හැකියාව පිරිමින්ට ලැබී නැත.සමාජයේ පොදු මතයක්ව පැවතුනු මෙය දැන් විද්‍යාත්මකවම තහවුරු කෙරී ඇති සෙයකි.



අදහස් (0)

‘ලියෝ වරකට වැඩ දාහක් කරති‘

දයා අලහාකෝන් Tuesday, 03 December 2013 06:00 PM

පරීක්ෂකයින්ගේ සොයා ගැනීම හරියි කියමුකෝ. ඒත් අපේ ලියෝ වැඩ නොකරන එකනේ වරද? (නදී)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 December 2013 01:02 PM

බොතේජු, ඔහොම තමා ඇත්ත කියනකොට ඉන්දුලා වගේ අයට ඩෝන යනවා තමා.අර මොකක්ද අකුරක් කියනකොටත් කාටද තද වෙනවාලුනෙ. (ස)

:       0       0

සතිස් Wednesday, 04 December 2013 08:13 PM

දාහෙන් එකක්වත් අඩුගානේ හරියට කරනවද ? (අ)

:       0       0

බොතේජු -සෞදි අරාබිය Wednesday, 04 December 2013 08:46 AM

දයා, බලන්නකෝ ඉන්දුට ඩෝන් ගිය තරම් .... (ස)

:       0       0

අලහකොන්දය@ Wednesday, 04 December 2013 11:02 PM

අපෙය් ලියෝ ලිඳට ගියත් කොතන ගියත් කිවරුව මිසක් වැඩක් කරන්නේ නැත. (අ)

:       0       0

ශලිනි Wednesday, 04 December 2013 09:37 AM

ඔතන පසුබිම වෙන්නේ පරිණාමයේදී පිරිමියා හා ගැහැණිය විකාශය වූ අන්දම.පිරිමියා දඩයමට යද්දි කාන්තාව දරුවන් ‍රැක බලා ගැනීමේ යෙදුනා.පිරිමියා ඒ නිසා එක ඉලක්කයකට එක්වර එළඹෙද්දි, කාන්තාව ගල් ලෙන තුල සීමිත පරාසයක් තුල අවධානය යොමු කළා. (ස)

:       0       0

ක්‍රිෂානි-ලන්ඩන් Wednesday, 04 December 2013 03:09 PM

ඇයි අහල නැතෙයි කියමනක් " ගැහැණිය යනු එකෙකු දෙස බලමින්, තවකෙකු හා කතා කරමින් වෙනකෙකු ගැන හිතන කෙනෙකි " යි යන්න... (ස)

:       0       0

ඉන්දු-ලන්ඩන් Tuesday, 03 December 2013 10:07 PM

දයා, ලියෝ වැඩ කරන්නේ නැත්තම් ගෙවල් පවතින්නේ කොහොමද? උයන්නේ පිහන්නේ, ගෙදර බලාගන්නේ, දරුවෝ හදන්නේ කවුද එතකොට? ඔයා කියන්නේ "ලියෝ" "වහලියෝ" වගේ වැඩ කරන්නේ නැහැ කියලද? "ඔයාගේ ලිය (බිරිඳ)" වැඩ කරන්නේ නැහැ කියලද? (නි)

:       0       0

කටා මාමා Wednesday, 04 December 2013 11:21 AM

වයඹට ආසන්න කුඩා නගරක ඇති සිල්ලර කඩේක විටක වැඩට එන මුදලාලිගේ මැදි වයස ඉක්ම වූ හාමිනේ එක විට වැඩ තුනක් කරනවා. එතුමියත් බඩු කිරමින්, සේවකයා බඩු කිරමින් කියන ගණනුත් අහගෙන ඉඳිමින්, තව කඩේට එන හිතවත් කෙනෙකු සමඟත් ආ ගිය තොරතුරුත් කතා බහ කරමින්, අන්තිමට මුදල් ගනුදෙනු වලදී හරියට එකතුවත් නිවැරදිව කියනවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 41 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site