ලිබියා සිවිල් අරගලය හමුවේ වසා දැමුණු රාස් ලනූෆ් ‘අල් සදාර්’ තෙල් ප‍්‍රවාහන වරාය නගරය ඊයේ (2) සිය වැඩ කටයුතු නැවතත් ආරම්භ කළේය. ලිබියාවේ තෙල් නිෂ්පාදනයෙන් බොහෝ ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කරන්නේ ‘අල් සදාර්’ වරාය නගරයෙනි. ලිබියා කැරැල්ල හටගත් අවස්ථාවේදී ගඩාෆිගේ පාලනයෙන් ‘අල් සදාර්’ වරාය නගරය තමන් අතට ගැනීමට කැරැලිකරුවෝ සමත් වූහ. එම අවස්ථාවේදී ගඩාෆි හමුදා එල්ල කළ ප‍්‍රහාරවලින් වරාය නගරයට මුළුමනින්ම හානි සිදුවිය. ‘අල් සදාර්’ වරාය කැරැලිකරුවන් අතට පත්වීම වළක්වමින් ලිබියා නායක ගඩාෆි, හමුදාව යොදා නගරයට පහර දුන් බවට එම අවස්ථාවේදී කැරැුලිකරුවෝ1 චෝදනා කළහ. ගඩාෆි මරා ලිබියාවේ පාලනය අතට ගෙන සිටින කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය ප‍්‍රකාශ කළේ ඔවුන්ට ‘අල් සදාර්’ වරායේ කටයුතු යළි ආරම්භ කිරීමට හැකිවූයේ ඇමෙරිකන් තෙල් සමාගමක් සමඟ එක්වෙමින් බවය
2025 ඔක්තෝබර් මස 08
1988
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලිබියාවේ තෙල් වරාය යළි ඇරේ