‘‘මම කාන්තාවන්ට පහර දෙන්නක්මි.මා වැඩකට නැති එකෙක් යැයි ඔබ සිතයි නම් ඔබගේ වාහනයේ නළාව හඩවන්නැයි සදහන් පුවරුවක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරගෙන සිටි පුද්ගලයෙක් පිළිඹදව ඇමරිකාවේ ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ සිටී.
දවසක්ම ඔහු මෙම පුවරුව ප‍්‍රදර්ශනය කරගෙන සිටිනු දැක ගත හැකි විය.ඔහු පසුකර ගිය වාහන සියල්ලක්ම පාහේ නළාව හඩවා පුවරුවේ සදහන් වැකිය ‘‘තහවුරු‘‘ කළේය.
පහර කෑමට ලක්වූ කාන්තාව වන ඇලීෂා හෙස්ලර් රෝහලේ ප්‍රතිකාර ලබමිනි.පහර දුන් පුද්ගලයා හා තමන් ඇති කරගත් ගිවිසුමක් නිසා ඔහුට මෙසේ ‘‘ලැජ්ජාවේ‘‘ පුවරුවක් ප‍්‍රදර්ශනය කිරීමට සිදුවුණු බව ඇය කියයි.
‘‘ඔහු මට බලහත්කාරකම් කරන්නයි උත්සාහ කළේ.මම ඔහුට පහරක් එල්ල කළා.ඔහු අධික කෝපයට පත්වෙලා මට පහර පිට පහර එල්ල කරගෙන ගියා.මට සිහිය නැතිවෙන්න ඇති,මොකද මම ඇහැරුණේ රෝහලේදී‘‘ ඇලීෂා පවසයි.
‘‘ මම ඔහුගේ නම දැනගෙන සිටියා.ෆේස්බුක් පිටුවකින් මම ඔහුව හොයාගත්තා ඔහුට දැනුම්දුන්නා ඔහුව පොලිසියට අල්ලා දෙන්න මට හැකි බව.ඔහු බැගෑපත් වුනා එසේ නොකරන්නය කියලා.පසුව මම කිව්වා එහෙනම් ‘‘මම කාන්තාවන්ට පහරදෙන්නෙක්ය‘‘ කියලා ලියැවුණු පුවරුවක් ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කරගෙන ඉන්න,එතකොට මම පොලිසියට දැනුම්දෙන එක ගැන සළකා බලන්නම් කියලා.ඔහු එකග වුණා‘‘ ඇලීෂා කියයි.
මින් මතුවට කාන්තාවන්ට සැළකීමට ඔහු පාඩමක් ඉගෙන ගත්තේ නම් තම අමිහිරි අත්දැකීමට ලැබෙන හොදම ප‍්‍රතිකාරය එය බව ඇයගේ අදහසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තාවන්ට පහර දීම කෙසේ වෙතත් 1989 කාලයේ ලියුම් කෑල්ලක් දුන්නම බෝඩ් එල්ලාගත් කට්ටිය අපේ රටේ හිටියා. එනිසා අපරාද ගොඩක් අඩු උනා ඒ දවස් වල.(නදී)
ඇමරිකාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
පොලිසිය දන්නවා නමුත් නීත්‍යනුකුලව පැමිණිල්ලක් කරලා නෑ කියා.(නදී)
බේබදු පිරිමින්ට දෙන්න ඕන දඩුවමක් මේක. (ත)
එතකොට පොලිසිය තාම දන්නේ නෑ? (නදී)