ලොව ප‍්‍රථම සුදු ‘ලිගර්ස්’ (සිංහ-කොටි පැටවුන් 4 දෙනා ඇමරිකාවේ දකුණු කැරොලිනා ප‍්‍රාන්තයේ මටල් බීච් සෆාරියේ බිහි විය. ඉතා දුර්ලභ අපි‍්‍රකාවේ අයිවරි නම් සුදු සිංහයාට දාව බෙන්ගාලි, සරස්වති නම් සුදු කොටි දේනුවක විසින් බිහි කරන ලද මෙම පැටවුන් සිව් දෙනාම පිරිමි සතුන් වෙති.
යෙටී, ඔඩ්ලින්, සැම්ප්සන් සහ ‘ඇපලෝ‘ නමින් නම් කර ඇති පැටවුන් සිව් දෙනා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බව පැවසේ. එසේම පැටවුන් සිව් දෙන කොටින්ට ආවේනික පුරුදු ඇති අතර සිංහයන් මෙන් සමාජශීලී බව පැවසේ.
ලොව ලොකුම කෙටියා ලෙස ගිනස් වාර්තා තැබූ හර්කියුලිස් නැමැති සුදු කොටියා මේ ‘ලිගර්ස්’ පැටවුන්ගේ මාමා වෙයි. මේ පැටවුන් 4 දෙනාගෙන් යෙටී නැමැති පැටවා එම ගිනස් වාර්තාව නැවත පිහිටුවන බව සත්තු වත්තේ අධ්‍යක්ෂක බගවන් ඇන්ටල් මහතා විශ්වාස කරන බව පැවසේ.
ලෝකයේම සුදු සිංහයන් 300 ක් සහ සුදු කොටින් 1200 ක් පමණ වෙසෙති. එමෙන්ම 1000ක් පමණ ‘ලිගර්ස්’ (සිංහ-කොටි) සිටියත් ඒ එකෙකුවත් සුදු එවුන් නොවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්ම පැටියා නම් ෆොටෝ ජෙනික්! (නදී)
මට මේ පැටවූ ටික බදාගෙන ඉඹ ගන්න ඇත්නම්. හරිම වාසනාවන්ත පෙනුමක් තියෙන්නේ. ඔබලාට දීර්ඝායුෂ ලැබේවා! (නදී)
ලංකාවේ නම් සුදු සතුන්ට අපලයි. මතකනේ සුදු කැස්බැවා.(නදී)
ජැක්, මේ පැටවූ කිවේ කොයි පැටව් ටිකද ? (නදී)
හරිම ලස්සනයි. නමුත් මෙයාල ලොකු උනහම ආරේ ගති නෑරේ. අහුඋනොත් සොරිම තමා. නමුත් මෙයාලව රැක ගත යුතුයි.(නදී)
දුර්ලභ සිද්ධියක් .(දී)
බලන්නකෝ ඉන්න ලස්සන .(දී)
පැටවූ නම් ලස්සනයි ඒත් ලොකු උනාම තමයි රඟේ (දී)
අයියෝ ලංකාවේ පලාතේ ගේන්න එපා. සුදු කැස්බෑවෙකුටත් ඉන්න නොදෙන රටේ මොන සිංහයෝද? (නදී)
ප්‍රශ්නය පරිසරයට මුදාහැරීමයි . සතුන්ගේ සිතුම් පැතුම් ගැන දන්නේ කවුද ? ස්වභාවිකත්වයට එහා ගිය බන්ධනයක් නේ? (දී)
සුදු පැටව් 8ක් ඉන්නවා. හා පුලුවන්නම් හොයන්න.(නදී)
මට සිංහබාහු කතාව මතක් උනා (දී)
ලස්සනයි කියන්නේ මාර ලස්සනයි (දී)
අනේ මට පැටව හතර දෙනාව ඉබින්න හිතෙනවා . හරිම හුරතල් (දී)
කලකට පස්සේ ලස්සන ෆොටෝ එකක් දැක්කේ - මෙහෙ ඉන්නේ සත්තු මරණ නොමිනිස්සු (දී)
හතර දෙනාම ලස්සනයි මටත් ඉබින්න හිතෙනවා එත් මෙකොනේ ඉන්න එක්කෙනානම් ටිකක් උසයි වගේ. (දී)