දැඩි ආරක්ෂක රැකවල් මැද, අරාබි රටවල රාජ්‍ය නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් අරාබි සමුළුව ඊයේ (29) ඉරාකයේ බැග්ඩෑඞ් නුවරදී ආරම්භ විය. සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාවට ලක්ෂ පහක ආරක්ෂක බලඇණියක් බැග්ඩෑඞ් නුවරට යෙදවීමට ඉරාක බලධාරීන් කටයුතු කළ තිබුණි. නගරයේ සියලූම ජංගම දුරකතන ආයතන වසා දැමීමටත්, රාජ්‍ය නායකයන් පැමිණීමෙන් පසු ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දැමීමටත් ආරක්ෂක අංශ කටයුතු කර තිබුණි. මීට අමතරව නගරයේ මාර්ග රැසක් ද වසා දැමුණු අතර පැමිණි සෑම කෙනකුම සහ සෑම වාහනයක්ම සෝදිසි කෙරුණි. සමුළුව වෙනුවෙන් ඉරාක රජය, ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදලක් වැය කර ඇතැයි ද වාර්තා වේ. සමුළුවට සහභාගී වන අරාබි රාජ්‍ය නායකයන් සමඟ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් ද ඊයේ උදෑසන බැග්ඩෑඞ් ගුවන් තොටුපොළට පැමිණියේය. සමුළුවේදී සිරියා අර්බුදයටත්, ඉරාන අර්බුදයටත් වැඩි අවධානයක් යොමු කෙරේ. මීට අමතරව ඊශ‍්‍රායල/පලස්තීන ගැටුම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වේ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1957										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලක්ෂ 5 ක හමුදා රැකවල් මැද අරාබි නායක හමුව ඉරාකයේ