දූෂණ හා වංචා මර්දන පනත රජයට වාසි වන ආකාරයෙන් සම්මත කර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළැයි විරෝධය පළ කිරීම සඳහා ප‍්‍රබල ගාන්ධි අනුගාමිකයකු වන අන්නා හසාරේ (74) ආරම්භ කර තිබූ උපවාසය වෛද්‍ය උපදෙස් මත අතහැර දමා ඇතැයි මුම්බායි ආරංචි මාර්ග කියා සිටී. ඉන්දීය පාලක රජයට හිතැති පිරිස් සිදු කරන දූෂණ හා වංචා ගැන එම රජය සොයා නොබලන්නේ යැයි චෝදනා කළ හසාරේ මීට මාස කීපයකට පෙරද උපවාසයක් ආරම්භ කළේය. ඊට සවන්දීමක් වශයෙන් ඉන්දීය රජය දූෂණ හා වංචා මැඩලීමේ පනතක් මුලින්ම පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී. එය ලොක්පාල් පනත යනුවෙන් නම්කර තිබුණි. එම පනත සම්මත කර ගැනීමට ඉහළ මන්ත‍්‍රී මණ්ඩලයේ බහුතරය නොලැබුණු හෙයින් අදාළ පනත් කොටුම්පත පහළ මන්ත‍්‍රී මණ්ඩලය වෙත යවන ලදී. එම පනත රජයට වාසිසහගත වන අයුරින් සකස්කර ඇති බවට මැසිවිළි නැඟූ අන්නා හසාරේ පසුගිය 22 දා නැවත උපවාසයක් ඇරඹීය. ඒ අතරතුර පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රී මණ්ඩලය ලොක්පාල් පනත පසුගිය අඟහරුවාදා සම්මත කර ගත්තේය. තමාගේ අධික රුධිර පීඩන තත්ත්වය හා වකුගඩුවලට සිදුවිය හැකි බලපෑම් නිසා උපවාසය අතරමග නතර කළ බව හසාරේ වාර්තාකරුවන්ට පැවසීය. මෙම පනත ඉහළ මන්ත‍්‍රී මණ්ඩලය ලවාද සම්මත කර ගැනීමට, තම රජයේ හවුල්කාර පක්‍ෂ හා විපක්‍ෂය සමග සාකච්ඡා කරමින් සිටින බව උප ඇමැති වී. නාරායන සාමි පැවසීය. එම ජන්ද විමසීම ඊයේ (29) පැවැත්වීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්පාල් පනතට විරෝධය පළකළ හසාරේ වෛද්‍ය උපදෙස් මත උපවාසය අත්හරී