සාගර පත්ලට යටින් ඇති සුවිසල් මිරිදිය තැන්පතුවක් සොයාගත් බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයන් පිරිසක් කියති. ඔවුන් පවසන්නේ එය අනාගත ජල ගැටළුවට ඇති හොඳම විසඳුම වන බවයි. ඔස්ට්‍රේලියාව, චීනය, උතුරු ඇමෙරිකාව හා දකුණු අප්‍රිකාව යන කලාපවලට අයත් සාගර පත්ලේ මහද්වීප තටකවලට යටින් ඝන කිලෝමීටර 500,000ක් මිරිදිය තිබෙන බව ද ඔවුන් පවසයි.
ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ වින්සන්ට් පෝස්ට් මේ පර්යේෂණයේ මූළිකයාය. හෙතෙම පවසන්නේ වර්ෂ 1900 සිට මේ දක්වා පොළොව මතුපිට හා ඒ ආසන්න අභ්‍යන්තරයේ තිබී මිනිසා විසින් පරිභෝජනය කළ සමස්ථ ජල ප්‍රමාණය මෙන් සිය ගුණයකටත් වඩා වැඩි බව පර්යේෂකයෝ කියති.
පොස්ට් පවසන්නේ පෘථිවිය සතුව ඇති මිරිදිය ප්‍රමාණය අඩුවෙමින් තිබෙන බැවින් මෙලෙස මිරිදිය සංචිතයක් සොයා ගැනීමට හැකිවීම මිනිස් වර්ගයා ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බවයි. එය අනාගතයේ පෘථිවියේ ඇතිවන නියඟයන්ට හා ජල හිඟයන්ට පිළියම් යෙදීමට හේතුවක් වන බව ද ඔහු පෙන්වාදෙයි.
එක්සත් ජාතීන්ගේ ජල සම්පත් ඇස්තමේන්තුවට අනුව ලෝක ජනගහනයෙන් සියයට 40කට වැඩි පිරිසක් ජලය හිඟ ප්‍රදේශවල ජීවත් වෙති. 2030 වනවිට ලෝක ජනගහනයෙන් සියයට 47කට වැඩි පිරිසක් උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.
තෙල් හා ගෑස් ගවේෂණය සඳහා සාගර පත්ල විද කරන ලද අධ්‍යයනයකදී මේ සොයා ගැනීම සිදුකැර ඇත. සාගර පත්ලට යටින් ඇති පිරිසිදු ජලය ඉතා කලාතුරකින් හමුවන බව සිතා සිටිය ද එය විශේෂ තැන්වලට සීමා වූවක් නොව බොහෝ දුරට පැතිරී ඇති දැවැන්ත ජල කඳක් බව ද අධ්‍යනයේදී පෙනීගොස් තිබේ.
වසර සිය දහස් ගණනක් ඈත කාලයක සිට මේ මිරිදිය මුහුදු පත්ලේ තැන්පත්ව තිබේ. එකළ මුහුදු මට්ටම අදට වඩා පහත්ව තිබී ඇති බවත් ගොඩබිම දැනට වඩා විවෘතව තිබුණු බවත් පර්යේෂකයෝ කියති. දැන් මුහුදුවලට යටවී ඇති බොහෝ ප්‍රදේශ එකළ ගොඩබිම් ලෙස තිබී ඇත. එකළ පොළොවට වැටුණු වර්ෂා ජලය අභ්‍යන්තරයේ ඇති ජලාශ බවට පත්වීම හේතුවෙන් මේ මිරිදිය නිධිය සෑදී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
පොස්ට් පවසන්නේ අනාගත පරිභෝජනය සඳහා මුහුදේ ලුණු ඉවත්කර ජලය පවිත්‍රකරනවාට වඩා අඩු වියදමික් මේ ජල නිධිය ප්‍රයෝජනයට ගත හැකි බවයි. නමුත් එක් අභියෝගයක් ඉතිරිව තිබේ. නල ළිං සාදා ජලය ඇද ගැනිමට ගන්නා උත්සාහයේ දී ජල නිධිය දූෂණය නොවීමට වගබලා ගත යුතුය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කළේ ලෝකේ ලොකු ලොක්කෝ ජල ප්‍රශ්න වලට විසදුම් හොයල ලොවට දෙනවා. ඉස්සර අපේ රටේ අය තමන්ගේ වතුවල කානු කපල නඩත්තු කලා. මේ මගින් වැහි වතුර පොලවට උරාගන්නා අතරම පස හෝදගෙන යන එක නතර උනා. ගමේ ඇල දොළ කවදාවත් වේලුනේ නැහැ. මේ නිසා ගොවිතැන් වගේම ගංගා වලත් වතුර ප්‍රමාණවත් ලෙස තිබුනා. අදත් මෙය ක්‍රියාවට නැගුවොත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්. ලංකාදීප කතුවරුනි ඔබලාට පුළුවන් නම් මේ වගේ දේවල් රටේ නොනවත්වා ප්‍රචලිත කරන්න එය රටට ලොකු සේවයක් (අ)
එතකොට අපේ මුහුදු පතුලෙන් යට ඔය කියන වතුර නැහැ. එයාලගෙන් මිලදී ගන්න කියල නේද කියන්නේ.(අ)
මට හිතෙන්නේ තෙල් නිධි හොයනවා වගේ ජල නිධිත් හොයන්න වේවි. ලෝක සංග්‍රාමයකට මුල පිරීමක්.(නදී)