මින් ඉදිරියට කිසිම අවස්ථාවක, රුසියානු පෞද්ගලික ජෙට් යානාවලට, මහා බ්‍රිතාන්‍යයට අයත් ගුවන් සීමාව හරහා පියාසර කිරීමට හෝ ගොඩබෑමට හෝ ඉඩ නොදෙන බව බ්‍රිතාන්‍ය රජය තීරණය කළේ යැයි එරට ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් පවසයි.
බ්‍රිතාන්‍ය රජය මෙම තීරණය ගෙන ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ යුක්රේන ආක්‍රමණයත් සමඟය.
'රුසියන් ජනාධිපති යුක්රේනය ආක්‍රමණය කිරීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ඒක ජාත්‍යන්තර නීති උල්ලංඝනය කිරීමක්. බ්‍රිතාන්‍ය රජය මේ වනවිටත් රුසියාවට එරෙහිව සම්බාධක පැනැවීමක් කිරීමට සූදානම් වෙනවා. ඒ සමඟම රුසියානු පෞද්ගලික ජෙට් ගුවන් යානා සඳහා මෙසේ තහංචි පැනැවෙනවා' යැයි ප්‍රවාහන අමාත්‍ය ග්‍රෑන්ට් ෂෙප්ස් වැඩි දුරටත් පැහැදිලි කළේය.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd