
රුසියන් ජනාධිපතිවරණය අද (15) ආරම්භ වෙයි. එය දින තුනක් පුරා පැවැත්වෙයි. ජනාධිපතිවරණය අවසන් වෙන්නේ ලබන 17 වැනිදාය. ජනාධිපති ව්ලැදිමීර් පුටින් තවත් ධුර කාලයක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි.
71 හැවිරිදි පුටින්ට අභියෝග කිරීමට සමත් කිසිදු අපේක්ෂකයකු හෝ පක්ෂයක් හෝ නොමැති බැවින් ඔහු සහ ඔහුගේ ‘එක්සත් රුසියා’ දේශපාලනක පක්ෂයට පහසු විශිෂ්ට ජයක් හිමිවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව, ඒ අනුව, ව්ලැදිමීර් පුටින්ට තවත් වසර 6 ක් එනම්, 2030 තෙක් ධුරයේ රැඳී සිටිනු ඇත.
භූමි ප්‍රමාණයෙන් විශාලතම රට ලෙස සැලකෙන්නේ රුසියාවය. රුසියාව කාල කලාප කීපයකට ද අයත් වෙයි. ජනාධිපතිවරණය තෙදිනක් තිස්සේ පැවැත්වෙන්නේ එහෙයිනි. ලබන 17 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වනු ඇති අතර රුසියන් මැතිවරණ කොමිසම ජයග්‍රාහකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇත්තේ මැයි මාසයේය.
ජනාධිපති ව්ලැදිමීර් පුටින්, රුසියන් ‘කේ.ජී.බී.’ රහස් ඔත්තු සේවයේ, ලුතිනන් කර්නල්වරයෙකි. පුටින්, පළමුවෙන් රුසියාවේ වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කළේය. ඒ, 1999 වසෙර්දීය. වැඩ බලන ජනාධිපති ධුරයට පුටින් පත් කරනු ලැබුවේ එවකට රුසියාවේ බලයේ සිටි බොරිස් යෙල්ට්සිං විසිනි.
ඉන්පසු පුටින් රුසියාවේ අග්‍රාමාත්‍ය ලෙසත් එක් ධුර කාලයක් සම්පූර්ණ කළේය. පුටින් රුසියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ 2012 මැයි මාසයේ සිටය. රුසියන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 6 කින් දීර්ඝ කර ගත්තේය. 2020 දී පුටින්ගේ මැදිහත් වීමෙන් රුසියන් ව්‍යවස්ථාව වෙනස් කෙරුණි. ඒ අනුව, ජනාධිපති ධුරයට ඉදිරිපත් වී, තවත් වසර 6 ක කාලයක් ජනාධිපති ලෙස කටයුතු කිරීමට ඉඩ සලසා ගන්නා ලදී. 2030 පමණක් නොව, ඉන්පසු 2036 වසර තෙක් ජනාධිපති ධුරයේ රැඳී සිටීමට හැකි වනු ඇත.
රුසියාවේ ජනගහනය මිලියන 143 කි. මිලියන 112.3 ක රුසියානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ බලධාරීන් පවසා ඇත. මෙවර ජනාධිපතිවරණයේ දී සියයට 70 කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2018 ජනාධිපතිවරණයේ දී සියයට 67 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කළහ.
රුසියාව විසින් අල්ලා ගත් යුක්රේනයේ ක්‍රිමියා අර්ධ ද්වීපයේත්, යුක්රේනයේ රුසියන් පාලනය යටතේ පවතින සෙසු පළාත්වලත් මැතිවරණ කටයුතු පැවැත්වෙයි. පුටින්ගේ නියෝගයට අනුව, රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් ගැනීම මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රධාන සාධකයක් වනු ඇත.
පුටින් සහ පුටින්ගේ රජයේ දූෂණ වංචා ලොවට හෙළි කළ සමාජ ක්‍රියාකාරියකු වූයේ 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නිය. කෙසේ නමුත්, රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ සිරදඬුවම් නියම වූ නෙවල්නි, පසුගියදා රුසියන් සිර කඳවුරකදී හදිසියේ මියගියේය. නෙවල්නි දැඩි ලෙස පුටින් විවේචනයට ලක් කළ අයෙකි. සිර කඳවුරේදී නෙවල්නි ඝාතනයට ලක් වුණු බවටත්, එසේ වූයේ පුටින්ගේ අනුදැනුම යටතේ බවටත් චෝදනා එල්ල වී ඇත.
නෙවල්නි සේම, ජනාධිපති පුටින් විවේචනය කරමින්, රුසියන් යුක්රේන යුද්ධයට විරෝධය දක්වන දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනකු ලෙස සැලකෙන්නේ 40 හැවිරිදි යෙකත්‍රිනා ඩන්ට්සෝවා සහ 60 හැවිරිදි බොරිස් නදෙෂ්දීන්ය.
ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට මොවුන් දෙදෙනාට නොහැකි බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. එහෙයින්, මෙවර ජනාධිපතිවරණයට මොවුන් දෙදෙනා ඉදිරිපත් වන්නේ නැත.
යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදා ක්‍රියාමාර්ගය වහා නවත්වන ලෙසත්, යුක්රේන අර්බුදය වහා විසඳා ගත යුතු බවත් ජනපති පුටින්ට සහ රුසියන් රජයට බලපෑම් කරන යෙකත්‍රිනා ඩන්ට්සෝවා, රුසියාවේ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවකි.
පුටින් සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන, පුටින්ට අභියෝගයක් නොවන අපේක්ෂකයෝ තිදෙනෙකි. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු 75 හැවිරිදි නිකොලායි කරිටොනෝව්ය. මොහු රුසියන් පාර්ලිමේන්තුව හෙවත් දූමා සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩල සාමාජිකයකු වන අතර කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරයි. ජනාධිපති අපේක්ෂකයන් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන 56 හැවිරිදි ලියොනිඞ් ස්ටල්ස්කී, දූමා සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකි. ලියොනිඞ් ස්ටල්ස්කී, නියෝජනය කරන්නේ ‘ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී’ පක්ෂයයි.
තෙවැනි අපේක්ෂකයා වන්නේ 40 හැවිරිදි ව්ලැඩිස්ලෝව් ඩවන්කෝව්ය. රුසියන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ ළාබාලතම තැනැත්තා ඩවන්කෝව් වන අතර, ඩවන්කෝව් නියෝජනය කරන්නේ ‘නිව් පීපල් පොලිටිකල් පාටි’ නමැති දේශපාලන පක්ෂයයි. රාජ්‍ය සම්මාන රැසකික් ව්ලැඩිස්ලෝව් පිදුම් ලබා ඇති අතර, පුටින් විසින් ලබා දුන් සම්මානයක් ද ඒ අතර වෙයි.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රුසියන් ජනපතිවරණය: පුටින්ට අභියෝගයක් නෑ