IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


රුසියා ජනාධිපතිවරණයෙන් අගමැති පුටින්ට විශිෂ්ට ජයක්

රුසියාවේ පෙරේදා (4) පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට අගමැති ව්ලැඩිමීර් පුටින් සමත් වූ නමුත් ජනපතිවරණය දූෂිත බවට විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරයි. ජනාධිපතිවරණයේ මුල් වටයේදීම ප‍්‍රකාශිත ඡුන්දවලින් සියයට 64 ක් ලබා ගැනීමට පුටින් සමත් වූ බව වාර්තා විය. පුටින්ගේ ආසන්නතම ප‍්‍රතිවාදියා වූයේ කොමියුනිස්ට් පක්ෂ නායක ජෙනඩි සුගනෝව්ය. ඔහුට ලබා ගැනීමට හැකිවූයේ සියයට 17.13 ක ඡන්ද ප‍්‍රතිශකයක් පමණි. ඒ අනුව, වසර 2000 සිට 2008 තෙක් රුසියාවේ ජනපති ධුරය හෙබවූ පුටින්ට තෙවැනි වරටත් රුසියාවේ ජනපති ධුරයට පත්වීමට ව්ලැඩිමීර් පුටින්ට ජනවරමක් ලැබී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉන්පසුව ද තවත් අවුරුදු 6 කට එම ධුරය දැරීමට ද ඔහුට එරට ව්‍යවස්ථාවෙන් ඉඩ සැලැසී තිබේ. ඡන්ද ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනතාව අමතමින් පුටින් සතුටු කඳුළු පිරි දෙනෙතින් යුතුව ප‍්‍රකාශ කළේ තමන් සාධාරණ ජයග‍්‍රහණයක් අත්කර ගත් බවය. රට බෙදීමට, බටහිර රටවල උසි ගැන්වීම මැද විරුද්ධවාදීන් ගෙන යන විරෝධතා ව්‍යාපාරය රුසියානු ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය. පුටින් ජනතාව ඇමැතූ අවස්ථාවට වත්මන් ජනපති දිමිත‍්‍රි මෙඩ්වදේව් ද පැමිණ සිටියේය. ඉකුත් දෙසැම්බරයේ පැවැති රුසියානු මහ මැතිවරණය දූෂිත යැයි පවසමින් විපක්ෂ කණ්ඩායම් ගත වූ තෙමසක කාලය පුරාවට පුටින්ට එරෙහිව විරෝධතා රුසියාව පුරා පැවැත්විණි. කෙසේ නමුත් එම විරෝධතා රැලිවලට එකඳු විපක්ෂ අපේක්ෂකයකු සහභාගී නොවීම ද විශේෂ සිද්ධියකි. පෙරේදා පැවැති ජනපතිවරණය දූෂිත යැයි චෝදනා එල්ල වෙද්දී ඉදිරියට ද පුටින්ට, විරෝධතාවලට මුහුණ දීමට සිදුවේවි යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ජනපතිවරණයට ස්වාධීන පක්ෂ අපේක්ෂක මිහායිල් ප්‍රොකරෝව්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ නායක ව්ලැඩිමීර් සිරිනෝව්ස්කී, සහ රුසියා සාධාරණ පක්ෂ නායක සර්ගේ මිරිනෝව් ද ඉදිරිපත්ව සිටියහ ජයග‍්‍රහණයෙන් පසු පුටින් ජනතාව අමතමින්කොමියුනිස්ට් පක්ෂ නායක ජෙනඩි සුගනෝව්



අදහස් (0)

රුසියා ජනාධිපතිවරණයෙන් අගමැති පුටින්ට විශිෂ්ට ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 122 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 24 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 680 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site