රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ.
අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ හැකිය.
මෙම තිරය නිපදවීම සදහා එල්.ජී සමාගම දැනට පවතින උසස්ම තාක්ෂණික ක‍්‍රම භාවිතා කර තිබෙන අතර එනිසාවෙන්ම දැනට වෙළදපොළෙහි ඇති රූපවාහිනී තිර වලට වඩා ඉහළ විභේදන බලයක් හා දීප්තියක් මෙම තිරයෙන් ලබාගත හැකියැයි සදහන් වෙයි.
තිරයේ ප‍්‍රමාණය අඟල් 18 කට වඩා තවත් කොපමණ දුරකට විශාල කළ හැකිදැයි සොයාබැලීමට එල්.ජී. සමාගම පර්යේෂණ කරමින් සිටී.
2017 වසර වන විටදී මෙම තාක්ෂණය ආධාර කරගෙන නිපදවෙන රූපවාහිනී ඇතුලූ ඉලෙක්ට්‍රෝනික උපකරණයන් වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ ගණන දන්නවද? (නි)
පුදුමාකාර තාක්ෂණයක් (නි)
හොද තාක්ෂණික නිපදවිමක්. (ස)
මේවා ලංකාවේ මිනිස්සුන්ට ගන්න තරම් වත් කමක් නැහැ. ඕව හොඳයි පිටරට සුද්දන්ට. මේ ආර්ථිකේ එක්ක මේව ගන්න ගියොත් මිනිස්සුන්ට කන්න වෙන්නේ වැලි. (ස)