ඉන්දියාව ඇතුළු විදෙස් රටවල නිපදවා ඇති චිත‍්‍රපට,මාලා ටෙලි නාටක ආදිය ප‍්‍රදර්ශනය කිරීම තහනම් කරමින් පකිස්තානයේ ලාහෝර් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරයි.
විදේශන්හි නිපදවා ඇති චිත‍්‍රපට හා මාලා නාටක වලින් උකහා ගන්නා විවිධ දේ නිසා පකිස්තාන ජනතාවගේ ජීවන රටාවේ අවුල් වියවුල් ඇති විමේ ප‍්‍රවණතාවක් ඇතැයි අධිකරණය තීරණය කිරීම මිට හේතුවයි.මෙම තහනමට එරෙහිව පෙත්සමක්ද ඉදිරිපත් කෙරී තිබුණු අතර එය ඉවත දැමිමටත් අධිකරණය කටයුතු කර ඇත.
පකිස්තානයේ රූපවාහිනී නාළිකාවන් හා චිත‍්‍රපට නිශ්පාදකයන් තහනම සම්බන්ධයෙන් මිශ‍්‍ර ප‍්‍රතිචාර දක්වා තිබේ.
තහනමට විපක්ෂව අදහස් දක්වන පිරිස පකිස්තාන රජයම 2006 වසරේදී සම්පාදනය කළ නීතියකට අනුව මෙම උසාවි නියෝගය බල රහිත කළ හැකි යැයි පවසයි.
පක්ෂව අදහස් දක්වන පිරිස අධිකරණයේ තීරණය අගය කරයි.මෙම තහනම පැනවීමෙන් පකිස්තානයේ රූපවාහිනී නාටක හා චිත‍්‍රපට නිශ්පාදනයන්ට හොද කලක් උදා වනු ඇතැයි ඔවුනගේ මතයයි.
තහනම පැනවූවද පකිස්තානයේ රූපවාහිනී නාළිකා තවමත් විදෙස් චිත‍්‍රපට හා මාලා නාටක විකාශය කරමින් සිටින බව සැළය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඔය හින්දි සිනමාව නතර කරොත් හොඳයි. කිසිම හරයක් නොමැති මන:කල්පිත කතා සහ බොරු නැටුම් ගැයුම් විතරයි. ඕවා බලල අපේ නළු නිලියන් ඒවා අනුකරණය කරන්නේ සිංහල සිනමාවේත්. ඒ නිසා ඔය හින්දි චිත්‍රපටි ලංකාවට ගෙන්වීම පෙන්වීම තහනම් කරොත් අපේ සංස්කෘතියටත් අපේ විදේශ විනිමයටත් වඩා වාසි ලැබෙනවා (ස)
වීඩියෝ තහනම් කරලා නැහැ නේද? (නදී)
උතුරු ඉන්දීය කලා ක්ෂේත්‍රයට පකිස්ථාන සම්බන්දකම් ඇති බොහෝ දෙනෙක් සිටිය ද ඔවුනට මෙම තීරණය ගතහකි නම් ඇයි අපට බැරි? (අ)
ලංකාවේ හදන සිංහල චිත්‍රපටි දුවන්නේ සති දෙකයි. ඉතින් මෙහෙ අය දෙමළ චිත්‍රපටි හැදුවොත් උපරිම කාලය සතියයි. (නදී)
අනේ! අපි නොදන්නා පාකිස්ථානය...? (නි)
අපිටත් අපගේ අනන්‍යතාවය සහිත සිනමාවක් ගොඩනැගීම සදහා මේ සුදුසු කාලයයි. ඉන්දීය සිනමා සංස්කෘතිය නම් බූවල්ලා දකුණු ආසියාව සහ මැදපෙරදිග කලාපය දැනටමත් ගිලගෙන හමාරයි (නි)
තමිල්නාඩු ඒවා තහනම් කරන්න බැරිද? (නදී)
තමිල්නාඩු ඒවා තහනම් කරන්න බැරිද? (ස)
අපි විදේශීය චිත්‍රපට තහනම් කරමු. එතකොට දමිළ/හින්දි/ඉංග්‍රිසි සියල්ලක්ම ඉවත් වෙනවා. ලංකාවෙත් දක්ෂ දමිළ නළු නිළියෝ ඉන්නවනේ. එයාලටත් එතකොට එයාලගේම කියලා චිත්‍රපට කලාවක් ලංකාව තුළම බිහිවෙයි. එහෙම නේද? (නි)
ඉන්දීය සිනමාවට තියෙන ලොකුම තර්ජනය පාකිස්තානයයි. ඉන්දියාවේ නිෂ්පාදනය වන චිත්‍රපටවල සීඩී තැටි නිල වශයෙන් නිකුත් කිරිමට කලින් පකිස්තානයේ පදික වේදිකාවෙන් මිල දී ගත හැකියි. ඉතින් මේ තහනම ඉන්දියාවට වාසි දායක උනත්, පකිස්තානයේ මෙවන් නීති ක්‍රියාත්මක වීම සැක සහිතයි. පකිස්තානයේ දිගු කලක ජීවිත අත්දැකීම් මතයි මේ සටහන තබන්නේ. (නදී)
ලංකාවේ ටෙලි නාට්‍ය නළුවන් නිළියන් ගොඩක් දක්ෂයි. කතාව හා කතා හැසිරවීම ගැන අඩුපාඩු තිබෙනවා. ඒක කතා ලියන අයගේ දුර්වලකමක්. බුද්ධිමත් ලෙස සමාජ දුර්වලකම් වලට පහර ගහලා හොඳ සිරිත් විරිත් සමාජයට දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. (නි)
ආගම් වල සුරක්ෂිතභාවය වෙනුවෙන් රටවල් මෙවැනි තීරණ ගන්නවා (නි)
තමිල්නාඩුවෙත් තහනම් කළොත් මොකද වෙන්නේ? (නි)
ලංකාවේ දමිළයන් සිටින නිසා දමිළ චිත්‍රපටි තහනම් කරන එක හොඳ නැහැ කියලයි මම සිතන්නේ. එහෙත් හින්දි චිත්‍රපටි නම් කමක් නැහැ. (නි)
මා නම් සිතන්නේ මෙවැනි තීරණ නිසා තම රටේ සිටින කළා කරුවන් හට විශාල වාසියක් සිදුවෙනවා නියතය. අපි අනුන්ව අනුකරණය කිරීම නොකළ යුතුය. එසේ කිරීමෙන් සිදු වන්නේ අපිටම කියලා තිබෙන හැකියාවත් බොඳවී යාමයි. (නදී)
මා නම් සිතන්නේ මෙවැනි තීරණ නිසා තම රතී සිටින කළා කරුවන් හට විශාල වාසියක් සිදුවෙනවා නියතය. අපි අනුන්ව අනුකරණය කිරීම නොකළ යුතුය එසේ කිරීමෙන් සිදු වන්නේ අපිටම කියල තිබෙන හැකියාවත් බොඳවී යාමයි ඇත්තට කියනවා නම් කිසම තේරුමක් නැති පවුල් පිටින් නැරඹීමට පවා අප්‍රිය හින්දි "මෙගා සීරියල්" අපේ රටේ නාලිකාවල විකාශනය වීම මම නම් කිසිසේත් අනුමත කරන්නේ නැහැ. අපේ අති දක්ෂ කළා කරුවන් (සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත මැන්ඩිස් හා නම් නොදන්නා අනෙකුත් කලාකරුවන් කළාකාරිනියන්) ගේ ටෙලිනාට්‍ය පවා හින්දි චිත්‍ර පටවලට වඩා 100 ගුණයක් රසාන්ගිකය. සත්‍ය ජීවිතය තුල මිනිසුන් මුහුණ පාන ගැටළු විදහා දක්වන අපේ රටේ නිර්මාණ අවාසනාවකට මෙන් භුක්ති විඳින්න අපේ අය පින් කරලා නැත. අපේ රටෙත් සමහර මෝඩ අය ඔය විකාර හින්දි "මෙගා සීරියල්" අඬ අඬා බලනවා (දිල්)
ලංකාවේ ගොඩක් හොද දේවල් කරනවා. මිනිස්සු කවදත් කැමති පිටරට දේවල් වලට. ගොඩක් සම්මානත් අපිට ලැබෙනවා. (නි)
අපේ රටේ දැන් පෙන්වන ටෙලිනාට්‍ය නිසා මනුස්සයාගේ රසඥතාවය කෙළෙසිලා ගිහින්. ඒ නිසා පිටරට ඒවා ගෙන්වන එක අපේ රටේ නම් නවත්වන්නේ නැහැ. (නි)
ලංකාවේ හොද දමිළ චිත්‍රපට තැනිය හැකිය. ‘‘ඉනිඅවන්" එයට හොදම උදහරණයකි. මීට පෙර වානිජ වශයෙන් සාර්ථක වුන චිත්‍රපට 83 ක් තිබුනා.(නදී)