IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජයට වාසිවන අයුරින් දූෂණ මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරලා

සංශෝධන සහිතව යළිත් වරක් ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ, දූෂණ වංචා නැවැත්වීමේ ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉතා දුර්වල යැයි චෝදනා කරමින් ගාන්ධි අනුගාමික අන්නා හසාරේ, අනුගාමියන් දහස් ගණනක් පිරිවරාගෙන ඊයේ (27) මුම්බායි නුවර උපවාසයක් ආරම්භ කළේය. උපවාසය ආරම්භ කිරීමට පෙර හසාරේ, ජන රැලියකට ද සහභාගී වූයේය. රැලියට මුම්බායි වැසියන් පමණක් නොව ඉන්දියාවේ නන්දෙසින් පැමිණි හසාරේගේ අනුගාමිකයෝ ද සහභාගී වූහ. එම පිරිස ඉන්දීය අගමැතිට මෙන්ම කොංග‍්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිට ද  චෝදනා කළේ රටේ දූෂණ වංචා නැවැත්වීමට ඉන්දීය රජයට උනන්දුවක් නැති බවටය. සංශෝධන සහිතව ‘ලොක්පාල්’ පනත් කෙටුම්පත ඉන්දීය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ඉකුත් 22 වැනිදාය. එය මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය අගෝස්තු මාසයේ හතර වැනිදාය. එහි දුර්වලකම් රැුසක් ඇති බවත් එය සංශෝධනය කර නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් අන්නා හසාරේ ඇතුළු ඉන්දීය මානව කි‍්‍රයාකාරීහු එම අවස්ථාවේදී ද විරෝධය පාන්නට වූහ. හසාරේ නවදිල්ලි නුවරදී සති කිහිපයක් තිස්සේ උපවාස කළේ ද ඊට විරෝධය පාමිනි. පසුගිය 22 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සංශෝධිත ලොක්පාල් පනත් කෙටුම්පත ද ඉතා දුර්වල එකක් බවත්, පනත් කෙටුම්පත සංශෝධනය කර තිබෙන්නේ ඉන්දීය රජයට වාසිි වන අයුරින් බවත් අන්නා හසාරේ පවසයි. පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් මණ්ඩලයක් පත්කිරීම ලොක්පාල් කෙටුම්පතේ අරමුණ වේ. අධිකරණ ක්ෂේත‍්‍රයේ ඉහළම තනතුරක් දරන අයකු කොමසාරිස්වරයා ලෙස තෝරා ගැනීමටත් ඔහුගේ සහායට අධිකරණ ක්ෂේත‍්‍රයේ තවත් නිලධාරීන් දස දෙනකු තෝරා ගැනීමටත් එම පනත යටතේ විධිවිධාන සැලැසී තිබේ. පිහිටුවනු ලබන එම මණ්ඩලයේ තීන්දු අභිබවා යෑමට අන් කිසිදු ආයතනයකට නොහැකි ආකාරයේ බලතල ද මණ්ඩලයට හිමිවනු ඇතැයි ද පැවැසිණි. කිසියම් හෝ අකටයුත්තක්, දූෂණ වංචාවක් සිදුවේ නම් ඉන්දීය මධ්‍යම රජයේ ඇමැතිවරුන්ට, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට ලොක්පාල් පනත් කෙටුම්පත යටතේ ඉන්දීය ජනතාවට අවසර ලැබෙන බව ඉන්දීය රජය පවසයි. අන්නා හසාරේ



අදහස් (0)

රජයට වාසිවන අයුරින් දූෂණ මර්දන පනත් කෙටුම්පත සංශෝධනය කරලා

සමිපත් Wednesday, 28 December 2011 02:55 PM

අන්නා හසාරේට ලංකාවටත් එන්න කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site