IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජය පෙරළන කුමන්ත‍්‍රණ පරදන්න අප සැම දෙනාම එක්විය යුතුයි

පාකිස්තාන රජය පෙරැළීමට උත්සාහ ගන්නා කුමන්ත‍්‍රණ ව්‍යර්ථ කිරීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමටත් සැවොම එකමුතු විය යුතු යැයි අගමැති යූසොෆ් රාසා ගිලානි පවසයි. පාකිස්තාන අගමැතිවරයා මේ බව කියා සිටියේ ඝාතනයට ලක් වූ හිටපු අගමැතිනියක වන බෙනාසීර් බූතෝගේ ගුණ සැමැරුමට සහභාගී වී ඇයගේ සොහොන් ගැබට පුෂ්පෝපාර දැක්වූ අවස්ථාවේදීය. ”පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අද අප මෙහි පැමිණියේ ඝාතනයට ලක්වූ බෙනාසීර් බූතෝ මහත්මියට ගෞරව දැක්වීමටයි. අප සැවොම එකමුතු වී පාකිස්තාන රජය පෙරළන්න දරන කුමන්ත‍්‍රණ ව්‍යර්ථ කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිගටම ස්ථාපිත කර ගැනීමට හැකි නම් තමයි අප සැබැවින්ම බෙනාසීර් බූතෝ මහත්මියට ගෞරව කළා වෙන්නේ” යැයි අගමැති ගිලානී ප‍්‍රකාශ කළේය. බෙනාසීර් බූතෝ මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකරුවකුට බිලි වූයේ 2007 වසරේ නොවැම්බර් 27 වැනිදාය. එම අවස්ථාවේදී ඇය රාවුල්පිණ්ඩි නුවර දේශපාලන රැලියකට සහභාගී වෙමින් සිටියාය. එම ගුණ සැමරුමට බෙනාසීර් බූතෝගේ සැමියා මෙන්ම වත්මන් පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ද පැමිණ සිටිය්ය. ඇමෙරිකා හමුදා පාකිස්තානයේ ස්වෛරීභාවය දිගින් දිගටම උල්ලංඝනය කරන්නේ ජනාධිපති සර්දාරිගේ දුර්වල නායකත්වය නිසැයි පාකිස්තාන ජනතාව සහ හමුදාව චෝදනා කරයි. පාකිස්තාන ජනාධිපති අල් සර්දාරි ධුරයෙන් ඉවත් විය යුතු යැයි පාකිස්තාන හමුදාව, ජනතාව, විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද පවසයි. ජනාධිපති අල් සර්දාරිට එරෙහිව ඔහුගේ පාකිස්තාන ජනතා පක්ෂයෙන් ද විරෝධයක් ගොඩනැගෙමින් පවතී. ජනාධිපති අල් සර්දාරි  බෙනාසීර් බූතෝගේ  සොහොන් ගැබට පුෂ්පෝපාර දැක්වමින්...



අදහස් (0)

රජය පෙරළන කුමන්ත‍්‍රණ පරදන්න අප සැම දෙනාම එක්විය යුතුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site