ඉන්දියාවේ ක්‍රියාත්මක, රාජ්‍ය නොවන සංවිධාන 12,000 කට විදේශ ආධාර ලබා ගැනීම සඳහා පැවැති බලපත්‍ර යළි අලුත් නොකිරීමට ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පියවර ගැනීමත් සමග, එම බලපත්‍ර අහෝසි වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
අසරණ සරණ වෙනුවෙන්, තෙරේසා මව්තුමිය ආරම්භ කළ, කතෝලික සභාව යටතේ පවතින, 'මිෂනරිස් ඔෆ් චැරිටි' රාජ්‍ය නොවන පුණ්‍යායතනය ද එසේ විදේශ ආධාර ලැබීමේ බලපත්‍රය අහෝසි කෙරුණු සංවිධානයකි.
ඊට අමතරව ඔක්ස්ෆෑම්, ඉන්දීය ක්‍ෂයරෝග සම්මේලනය, ජාතික කලා මධ්‍යස්ථානය සහ ඉන්දීය ඉස්ලාමීය සංස්කෘතික මධ්‍යස්ථානය ඇතුළු ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධාන රැසකට ද විදේශ ආධාර ලැබීමේ බලපත්‍ර අහෝසි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ හැර, ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුන්ගේ බලපත්‍ර අහෝසි වීම සිදුවී ඇත්තේ, ඒවා නිසි කලට යවත්කාලීන නොකළ බැවින් යැයි ද පැවැසෙයි. එසේ බලපත්‍ර අහෝසි වූ සංවිධාන ගණන 5,789 ක් යැයි මාධ්‍ය පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුරදක්නා ඥාණයෙන් රට වෙනුවෙන් ඔවුන් ගත් හොඳ තීරණයක්. "බලපත්‍ර අහෝසි වීම සිදුවී ඇත්තේ, ඒවා නිසි කලට යාවත්කාලීන නොකළ බැවින් යැයි" යන ගිණුමට සියල්ල බැරකර ඒවා අහෝසි කිරීම කොතරම් ඥාණාන්විතයිද...? අප රටේ එසේ වූවා නම් මුලින්ම උඩුබුරන්නේ විපක්ෂ පට්ටියේ හරකුන් සහ NGO ටකරන් මඩු අයිතිකාරයින්..
ඕක මේ රටේත් කෙරෙන්නම ඕන වැඩක්...!!!
රවීන්ද්‍ර, උඹ රජයේ සේවකයෙක් ද? 2005- 2015 කාලයේ ලංකාවට එන්න තිබුණු ආධාර (ණය නොවේ) ඩොලර් කෝටි ගණනක් නුඹ වගේ අය නිසා ලංකාවට නැති වුණා...
රවීන්ද්‍ර වගේ වහල්ලුන්ට මේවා හොඳයි.
බොහෝ N.G.O. සංවිධාන රටවල්වලට කරදරයක්. ඔවුන් පෙන්වන්නේ සුදු මුහුණක්... නමුත් ක්‍රියාව වෙනත් දෙයක්. ඉන්දියන් රජය එය හඳුනාගෙන ඇති හැඩයි.
දේශීයව හා විදේශීයව ඔත්තු බැලීම උදෙසා යොදාගැනෙනුයේ ස්වේච්ඡා සංවිධානයයි. මෙය මම දන්නා හැටියට පළමු ලෝක මහා සංඝරත්නයේ පටන් යොදා ගන්නා ක්‍රමවේදයකි..