බකින්ග්හැම් මාළිගයේ ඇති ඇත් දළ වලින් සැදි සියලූම ආකාරයේ බඩු භාණ්ඩ විනාශ කිරීමට තමන් කටයුතු කරන්නේයැයි විලියම් කුමරු ප්‍රතිඥාවක් දී ඇත.
විලියම් කුමරු මෙසේ ඇත් දළ වලින් සැදි භාණ්ඩ විනාශ කිරීමට ප්‍රතිඥාවක් දී තිඛෙනුයේ අපි්‍රකාව වැනි රටවල දළ ලබා ගැනීම වෙනුවෙන් අසීමිතව සිදුවන අනවසර ඇතුන් දඩයම් කිරීම් සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කිරීමේ අරමුණින්ය.
බකින්ග්හැම් මාළිගයේ ඇත් දළ වලින් සැදි භාණ්ඩ 1200 ක් පමණ තිඛෙන අතර මේවායින් බොහෝමයක් එළිසඛෙත් රැජිණියට විවිධ රටවල රාජ්‍ය නායකයින් පිළිගැන්වූ ඒවා වන බව සදහන්ය.
අවාන්,ප්‍රතිමා,සිහිවටනයන් ආදියේ සිට ගෘහ භාණ්ඩ දක්වා භාණ්ඩ මේ එකතුවේ තිබේ.
ඉතා විරල ඝණයේ නිර්මානයන් රැසක් ඇති මේ භාණ්ඩ එකතුවේ අගය මිල කළ නොහැකි තරම් වේ.
විලියම් කුමරු සතුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රසිද්ධියේම පෙනී සිටින්නෙකි.ඔහුගේ පියා වන චාල්ස් කුමරුද එසේමය.
විලියම් කුමරුගේ මේ ප්‍රතිඥාව බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව තිඛෙන අතර ඔවුන්ට අනුව විලියම් කුමරු ආදර්ශවත් අනාගත නායකයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරමින් සිටී.
කලා කෘතිවලට ඇලූම්කරන්නවුන්ගේ මතය නම් මිීට වෙනස්ය.මෙම නිර්මාන වල අගය මිල කළ නොහැකි යැයි පවසන ඔවුන් ඒවා සංරක්ෂණය කළ යුතුයැයි යන මතයේ සිටී.ලොව සිදුවන අනවසර ඇතුන් දඩයම් හා මෙම නිර්මානයන් අතර කිසිදු සම්බන්ධතාවක් නැතැයිද විලියම් කුමරු කිරීමට යන්නේ නිශ්ඵල දෙයක් යැයිද ඔවුන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියේදී සතුන්ව නොමරන්න දෙයක් කරනවානම් හොඳා.(අ)
ඇමරිකාව සහා යුරෝපය ,අරාබි සහා අප්‍රිකා රට වල්වල අන්‍යවශ්‍ය යුද්ද ඇති කර දස දාහස් ගණන් අහිංසක සිවිල් ජනතාව ඝගාතනය කරනවා ඒවාට කට ඇරෙන්නේ නැහැ ,කැලේ සිටින වන සත්තු බදාගෙන (අ)
අන්න නියම පුත්තු. ඔටුන්න නිකම්ම ඔළුවට වැටෙන කම් බලා ඉන්න පුත්තුන්ට විලියම් මහඟු ආදර්ශයක් (අ)
මගේ අදහස නම් මේවා වෙන්දේසි කොට උපයන මුදල් සතුන් සංරක්ෂණයත් මින් ඉදිරියට මෙවැනි භණා්ඩ තෑගී ලෙස නොගැනිමත් ය (අ)
විනාස කරනවට වඩා හොදයි ඒවා සංරක්ෂණය කීරීම සහ අලුතින් රට තුලට ගෙන ඊම තහනම් කරන එක . (අ)
අනේ සෆිස් ,වෙලාවට හරකාගේ දල නොආවේ ඇතාගේ වගේ එහෙම අවනම් අද පින්නවල ඇත්තු විතරක් නෙමෙයි හරකුන්වත් දන්නා වෙනවා, (අ)
ඒ දළ ගත්තේ සතා ස්වභාවිකකව මියගියාට පසුවනම් ? (අ)
විනාශ කරන එක හොඳයි , ඒ වගේම එවෙනි භාණ්ඩ නිෂ්පාදනය . විකිණීම, හා ප්‍රදර්ශනයත් තහනම් කළයුතුයි (අ)
විලියම් කුමාරය හරි , හරියටම හරි , (අ)
එයාගේ මුත්තලාගේ පුරුදුනේ. ලංකාවට ඇවිල්ල කරෙත් ඔයවගේ වැඩ තමයි. (අ)
මේක තරමක් හිතන්න ඕන ප්‍රස්නයක්. මේ කලාත්මක බඩු නිකම්ම ඇත දල නොවෙය්. ඔය අතර අපේ රටේ ශිල්පියෙක් හදපු ඇත්දළ පොල්මලක් තියනවා. එක චොපුව ඇරියම ඉබේම දිහා ඇරෙනවා. අපිට එක ආඩම්බරයක් වෙන්නේ ඇත දල නිසා නොවී. අපේ ශිල්පියෙක්ගේ නිර්මාණයක් නිසා. ඇත්දළ නොවී ඔය විනාස කරන්නේ. ලෝකට අයිත ඒ නිර්මාණ. ඒවා විනවා කරන්න ඔහුට අයිතියක් නැත. (අ)
විලියම් කුමාරයාට මොලයක් නැද්ද ?මෙතරම වටිනාකම් ඇති වස්තුන් විනාශ කරනවාට වඩා වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් ,ආසියාවේ,අප්‍රිකාවේ අලි, ඇතුන්ගේ සංරක්ෂණයට යොදවා ,ලංකාවේ අලි ඇතුන් ගැනත් අනුකම්පාවක් කරන්න. (දී)
මේවා කෞතුක වස්තු ,විනාස කිරීම මෝඩ වැඩකි .දැන් කරන්න තියන්නේ විවෘත්ත ප්‍රකාසයක්කර සත්ව කොටස්වලින් සාදන නිෂ්පාදන කිසිම ආකාරකින් බරනොගෙනසිටීමයි.පිහාටු තොප්පි ,සත්ව සම් වලින්සාදනලද ඉනපටි ,පාවහන් ,ඇත්දළ කොටස්වලින් සාදනලද වත්නාකමක් ඇති බවකියන එහෙත් කිසිම වටිනාකමක් නොමැති "ගජමුතු" සත්ව කොටස් වලින් සාදන ගෘහ භාණ්ධ මේවාට අයත්ය . (අ)
අන්න නියම පුත්තු. ඔටුන්න නිකම්ම ඔළුවට වැටෙන කම් බලා ඉන්න පුත්තුන්ට විලියම් මහඟු ආදර්ශයක් (අ)
ඒකාලේ අපේ රටේ අලි ඇතුන් රංචු පිටිං මරල දැන් බොරු කියනවා (දී)
බේකර් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා අපේ රටේ ඇතුන් දහස් ගනණක් හුදු විනෝදය තකා වෙඩි තබා සමූල ඝාතනය කල බව විලියම් දන්නෙ නැතිව ඇති (අ)
සතාටත් නැහැ රජිනටත් නැහැ (දී)
"විලියම් කුමාරයාට මොලයක් නැද්ද", අනේ ගාමිණී මොලේ තියෙන මිනිස්සුන්ට තේරෙනවා, ව්ලියම් කුමාරයාට කරන දේ කොච්චර වැදගත්ද කියල. (දී)
ගාමිණී සහ නිලුකා ගේ කතාවලින් තේරෙනවා අපේ මිනිස්සුන්ගේ ආකල්ප. අහිංසක සත්තු මරල හදන දේවල් වල තියෙන වටිනාකම මොකක්ද. වටින්නේ ඒ සත්තුන්ගේ ජීවිත, ඊට වඩා වටිනවද විසිතුරු භාණ්ඩ. වෙන්දේසියේ විකුණුවොත් ඒවා එකතුකරන්නන්ට දිරි දීමක්, විනාස කලහම එකතුකරනන්ව අධ්යිර්ය කරනවා. (දී)
සතුන්ගේ දල වලින් හදන බඩු වලට වඩා සතුන්ගේ ජිවිත වටිනා බව තේරුම් ගත්ත විලියම් කුමරුට ප්‍රණාමය !!!! ඒ දේවල් වටිනා නිසා තමයි අසරණ සත්තුන්ගේ ජිවිත නැති වෙන්නේ.. (දී)
අපරාදේ අපිට දෙන්න
විලියම් කුමරු වටිනා දේවල් වල වටිනා කම දන්නේ නැද්ද (දී)