මුඛ සෝදන ද්‍රාවන භාවිතය හෘදයාබාධ හා ආඝාතය ඉහළ යාමට හේතුවී ඇතැයි විද්‍යාඥයෝ අනතුරු හගවති. ඔවුන් පවසන්නේ මුඛ සෝදන මගින් රුධිරවාහිනී ඉහිල් කරන හිතකර බැක්ටීරියා ද විනාශ වන බවයි. ‍

මේ පිළිබද පරීක්ෂණයකින් පෙනීගොස් ඇත්තේ මුඛ සෝදන භාවිතයෙන් පසු පැයක කාලයකදී නිරෝගී පුද්ගලයකුගේ රුධිර පීඩනය ඉහළ යන බවයි. පරීක්ෂණයේ ප්‍රධානී මහාචාර්ය අම්රියා ආලුවලියා පවසන්නේ සෑම දිනකම මුඛ සෝදන භාවිතය හෘදයාබාධ හා ආඝාතයෙන් සිදුවන මරණ වලට බලපෑමක් කරන බවයි.

බ්‍රිතාන්‍යයේ වැඩිහිටි ජනගහණයෙන් හරි අඩකට වඩා දිනපතා මුඛ සෝදන භාවිතා කරති. වසරකට පවුම් කෝටි 18ක මුඛ සෝදන භාවිතා වන බවත් එම සමීක්ෂණයෙන් පෙන්වා දී ඇත. මහාචාර්ය ආලුවලියා පෙන්වාදෙන්නේ තම කණ්ඩායමේ පරීක්ෂණයට භාජනය වූ පුද්ගලයන් මුඛ සෝදන භාවිතා කළ පසු ඔවුන්ගේ රුධිර පීඩනය ඒකක 3.5 කින් වැඩිවූ බවයි.