රූ රැජිනක් වුවද බ්‍රිතාන්‍යය ජාතික විසි තුන් හැවිරිදි සොපී ලයිඩා ස්මිත්ගේ වැඩි කැමැත්ත නිවාස ඉදිකිරීමේ කටයුතු වල යෙදීමය.
තම පිරිමි සගයන් සමග හරි හරියට වැඩ කරන ඇය බදාම ඇනීමේ සිට බිත්තී බැදීම දක්වා සියලූ දේ කිරීමට සමත්කම් දක්වන්නීය.
ඇය ජීවත් වන චෙටෙන්හැම් ප්‍රදේශයේ රූ රැජින වන ඇයට බි්‍රතාන්‍යය රූ රැජින තරගාවලියට සහභාගී වීමටද අවස්ථාව හිමිව ඇත.
‘රූ රැජිනක් වීම ගැන සතුටුයි.නමුත් මම වැඩියෙන් කැමති මේ වගේ වැඩ වල යෙදෙන්න‘ ඇය කියන්නීය.
විශ්වවිද්‍යාලයේ උපාධියක්ද හදාරන ඇයට ගෘහ නිර්මාන ශිල්පය හා ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇත.
‘මම අධ්‍යාපනය හැදැරූ ආයතනයේ සිටිය එකම ගැහැණු ළමයා මම.එහෙම වුනාය කියලා මම බය වුනේ නැහැ.මට මගේ අරමුණ කරා යන්න විතරයි වුවමනා වුනේ‘ ඇය පවසන්නීය.
සොපීගේ සමකාලීනයින් තොල් සායම්,නිය ආලේපන,හා පෙනුම ගැන වද වන කල දිනපතා සිමෙන්ති,ගඩොල්,දුහුවිලි හා හරි හරියට ගැටෙන සොපීට ඒවා පිළිඹද වැඩි තැකීමක් නැත.
‘ලස්සන වෙන්න ඕනෙ කෙනෙක් කැමතියි.නමුත් ඒවාට වැඩි කාලයක් මම වැය කරන්නේ නැහැ.මම ඒ වගේ දේවල් කරන්නේ විනෝදාංශයක් ලෙස.මගේ සැබෑ ආශාව තමයි මේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කිරීම.පිරිමි ගැහැණු කියා නැහැ.ආසාව තියෙනවනම් ඕනෙ කෙනෙක්ට ඕනෙ වැඩක් කරන්න පුලූවන්‘ ඇය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවා නම් බටහිර රටවල් වල මිනිස්සු කරන රැකියාවේ තරාතිරම ගැන ඒ තරම් හිතන්නේ නැහැ. කරන රැකියාවට හොද වේතනයක් ලැබෙනවා නම් එච්චරයි. ලංකාවේ එකේ අනිත් පැත්ත .ඒකට දොස් කියලා වැඩකුත් නැහැ. එදා ඉදන් අද දක්වා ලංකාවේ පැවතුනු සමාජ තත්වයේ ,රැකියාවේ උස් මිටි පරතරය තමයි එයට හේතුව. ඔය දැනටත් සමහරු මේ තිරයේ අදහස් පලකරන කොට අපහාස වන අන්දමට කියන්නේ, "අර ගොල්ලෝ පිටරට ගිහිල්ලා කරන්නේ අරවා හෝදනවා ,සුද්ද කරනවා,තණකොළ කපනවා" කියලා . ඒ මොකද මේ අයට තාමත් ඒ ගතානුගතික ආකල්ප වලින් මිදීමට නොහැකි නිසයි. මිනිසුන්ගේ උසස් පහත් බව මැනිය යුත්තේ කරන රැකියාවේ තරාතිරම අනුව නොව ,තමන් කරන හොද හෝ නරක වැඩ අනුවය.(නදී)
බ්‍රිතානයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ මොකද මෙහෙ ඉන්නේ බොහොම වැදගත් පිරිසක්.(දිල්)
කවදා ද අපේ රටේ කාන්තාවන් ට මොලේ පෑදෙන්නේ? කේක් හදන්න , ෆෙෂල් දාන්න නම් හැමෝම දන්නවා. එත් මොලේ පාවිච්චි කරල ජීවත් වෙන්න , පවුලට බරක් නොවී ජීවත් වෙන්න උත්සාහ ගන්නේ එහෙමත් කෙනෙක්. බහුතරයකට තියෙන්නේ රැකියා පිලිබඳ පුදුම උද්දච්ච ආකල්ප. මම නම් පාරේ පලා විකුණන කාන්තාවටත් ගරු කරනවා. (අ)
අපේ රටේ කාන්තා විදේශ ගෘහ සේවය තහනම් කිරීම අවශයි. අපේ රටේ කාන්නා සේවයට නිසි වැටුපක් දෙන්න වුවමනාවෙ .එවිට අපේ කාන්තාවෝ පිට රට වලදී අතවරවීම්,ඇන ගැසීම් වලට ලක් නොවනු ඇත .උපන් රටට සේවය ලබාදිය හැක.රූ රැජිනගෙන් අපට හොඳ ආදර්ශයක්. (දී)
එක ටෙලි නාට්‍යක, දෙකක රඟපාලා මම තමයි නිළිය කියල හිතාගෙන බත් ටික කන්නත් හැඳි ගෑරුප්පු හොයන අපේ සමහර නිළියන්ට මේ ලිපිය බොහෝ ආදර්ශවත්. (නදී)
ජයතිලක මහත්මයා, ඔබේ වදන් පෙලට මම ගොඩාක් ගරුකරනවා. අපේ මිනිසුන්ට නොපෙනෙන ඇත්ත ඔබ විසින් ලියා තිබෙනවා.(නදී)
ජයතිලක මහත්තයෝ කතාව සම්පුර්න ඇත්ත. ඔය දේ හින්දා තමා අපේ රට හැමදාම එක තැන. (නදී)
මම ඉන්න නගරයේ නගරාධිපතිගේ ලේකම් වරියගේ මහත්තයා වඩු බාස්, පුතා ගස් කපන රැකියාව. මටත් ඒ ගැන මුලින් පුදුම හිතුන. පස්සේ මම ගැන ලජ්ජා හිතුන.(අ)
ආවේෂක පුවතක්. කොයි රටක උන්නත් තමන්ගේ වෘතීය ගැන ඇති ආත්මාභිමානය ගැන ඔබ තුමියට හදපත්ලෙන්ම සුබ පතමි.(නදී)
බෞද්ධ රටක් වුනාට උනාට මාන්නය වැඩි මිනිස්සු ඉන්නේ අපේ රටේ වීම ලොකු ප්‍රස්නයක්. කවදා හරි යාද මව් රට.(නදී)