යුරෝපා රටවල පවතින දැඩි සීත කාලගුණය තවත් මාසයක් පුරාවට පවතිනු ඇතැයි යුරෝපා කාලගුණ විද්‍යා ඒකක අනතුරු අඟවයි. අධික සීතල හේතුවෙන් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ. වැඩිම ජීවිත හානි වාර්තා වන්නේ යුක්රේනයෙනි. යුක්රේන බලධාරීන් කියා සිටියේ 137 දෙනකු අධික සීතල දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇති බවය. යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 36 තෙක් පහළ වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දැඩි හිමපතනය හේතුවෙන් රටවල් රැසක ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. යුක්රේනයේ කඳුකර මාර්ග හිමෙන් වැසී ඇති අයුරු දැඩි හිමපතනයක් සහ අධික ශීත කාලගුණයක් තිබියදී පවා ඊයේ (6) වතිකානුවේ ශාන්ත පීටර්ස් චතුරස‍්‍රයට සීතලේ ගැහෙමින් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූ ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන් කීවේ ශීත කාලගුණය ඉක්මණින් අවසන් වේවායි යන්න අප සැමගේ ප‍්‍රාර්ථනාව බවය