IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යුරෝපයේ දැඩි සීතල තව මාසයක් පුරා

යුරෝපා රටවල පවතින දැඩි සීත කාලගුණය තවත් මාසයක් පුරාවට පවතිනු ඇතැයි යුරෝපා කාලගුණ විද්‍යා ඒකක අනතුරු අඟවයි. අධික සීතල හේතුවෙන් පුද්ගලයන් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ. වැඩිම ජීවිත හානි වාර්තා වන්නේ යුක්රේනයෙනි. යුක්රේන බලධාරීන් කියා සිටියේ 137 දෙනකු අධික සීතල දරාගත නොහැකිව ජීවිතක්ෂයට පත් ව ඇති බවය. යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 36 තෙක් පහළ වැටී ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර දැඩි හිමපතනය හේතුවෙන් රටවල් රැසක ගුවන් ගමන්වලට බාධා එල්ල වී ඇත. යුක්රේනයේ කඳුකර මාර්ග හිමෙන් වැසී ඇති අයුරු දැඩි හිමපතනයක් සහ අධික ශීත කාලගුණයක් තිබියදී පවා ඊයේ (6) වතිකානුවේ ශාන්ත පීටර්ස් චතුරස‍්‍රයට සීතලේ ගැහෙමින් රැස්ව සිටි බැතිමතුන් ඇමැතූ ශුද්ධෝත්තම 16 වැනි බෙනඩික් පාප්තුමන් කීවේ ශීත කාලගුණය ඉක්මණින් අවසන් වේවායි යන්න අප සැමගේ ප‍්‍රාර්ථනාව බවය



අදහස් (0)

යුරෝපයේ දැඩි සීතල තව මාසයක් පුරා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site