IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යුරෝපා සංගමය මඩකලපුවට සෙවන දෙයි

යුද්ධයෙන් අවතැන් වූ මඩකළපුව වැලිකණ්ඩියේ ජනතාව වෙනුවෙන් යුරෝපා සංගමය මැදිහත්වී තනා දුන් නිවාස  ප්‍රදානය කිරීම යුරෝපා සංගමයේ ශ්‍රිලංකාව හා මාලදිවයින සදහා නියෝජිත විලී වැන්ඩර්බර්ග්හේ මහතා අතින් පසුගියදා සිදුවිය.

නිවාස ඉදිකිරීමේ කටයුතු සදහා යුරෝපා සංගමය වෙන් කර ඇති මුදල යුරෝ ලක්ෂ 120 කි.ඔස්ට්‍රේලියා රජය හා සංවර්ධනය සදහා ස්විට්සර්ලන්ත ආයතනයද මේ සදහා දායකත්වය සපයා තිබේ.

ඉදිකිරීම් කටයුතු සදහා යොදාගෙන ඇත්තේද නිවාස අපේක්ෂාවෙන් සිටින්නවුන්ගේම කාලය හා ශ්‍රමය වීම විශේෂත්වයකි.මෙමගින් තමන්ගේ නිවාස තමන්ට අවැසි පරිදි නිර්මානය කර ගැනීමේ අවස්ථාව ඔවුනට ලබා දීම අපේක්ෂා කෙරුණේයැයි සදහන්ය.

නිවාස භාරදීමේ කටයුතුත් සමගම යුරෝපා සංගමයේ ආධාර යොදාගෙන සංවර්ධනය කෙරුණු වාරිමාර්ග යෝජනා ක්‍රම කිහිපයක්ද ජනතා අයිතියට පැවැරිණි.මෙම යෝජනා ක්‍රම වලින් වැලිකණ්ඩියේ නැවත පදිංචි කෙරුණු පවුල් 300 කට පමණ සෙත සැළසේ.



අදහස් (0)

යුරෝපා සංගමය මඩකලපුවට සෙවන දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 314 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2131 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site