IMG-LOGO

යේමන ජනපතිවරණයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා

යේමනයේ ජනාධිපති වරණය ඊයේ (21) ආරම්භ වූ අතර ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් ඊට බාධා එල්ල විය. ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ වූයේ ජනපතිවරණය ඇරැඹීමට දින කිහිපයකට පෙර සිටය.  වසර ගණනක් තිස්සේ ජනපති ධුරයේ සිටි අලී අබ්දුල්ලා සාලේ ඉන් ඉවත් වීමෙන් පසු නව ජනපතිවරයකු පත් කර ගැනීමට එම ජනපතිවරණය පැවැත්විණි. යේමනයේ විරෝධතා ආරම්භ වූයේද ටියුනීසියාවෙන්, ඊජිප්තුවෙන්, ලිබියාවෙන් ඇරැඹි ‘අරාබි වසන්තය’ නමැති ජනතා විරෝධතාවලට සමගාමීවය. එහෙත් උතුරු අපි‍්‍රකා අර්ධ ද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩාව සමඟ සටන් කිරීමට ඇමෙරිකාවට ජනපති සාලේ සහාය දුන් නිසා ඔහු ඇමෙරිකාවේ මිතුරකු විය. ඒ නිසා ලිබියාවේ ගඩාෆිට අත්වූ ඉරණම ඔහුට අත් නොවිණි. කෙසේ නමුත් ජනතා විරෝධය උග‍්‍රවෙද්දී ඇමෙරිකාවේ සහ අසල්වැසි ගල්ෆ් රටවල බලපෑම මත උප ජනපතිට බලය පවරා ජනපති ධුරයට සමුදී ඇමෙරිකාවට යෑමට සාලේට සිදුවිය. යේමනයේ ජනපතිවරණකට මඟ පෑදුණේ ඉන් පසුවය. ඒඩන් නගරයේ ඡන්ද පොළක පෙරේදා (20) රාති‍්‍රයේ බෝම්බයක් පුපුරා ගිය නමුත් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි. එමෙන්ම මුර සංචාරයේ යෙදී සිටි සෙබළ කණ්ඩායමකට නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් සෙබළෙක් මියගියේය. තවත් සෙබළු තිදෙනෙක් තුවාල ලැබූහ. යේමන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ එම ප‍්‍රහාර අල් කයිඩා සටන්කාමීන් විසින් එල්ල කරනු ලැබූ ඒවා බවය. අල් කයිඩාව සමඟ සම්බන්ධකම් පවත්වන දකුණු යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් යේමන වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ ජනපතිවරණය වර්ජනය කරන ලෙසටය. මේ අතර පෙරේදා ඩැලියා  නගරයේ මැතිවරණ විරෝධි රැුලියක් ද පැවැත්විණි. එම රැලියට හමුදාවෙන් බාධා එල්ල වූ අතර හමුදාව සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්විය. තවත් නව දෙනෙක් තුවාල ලැබූහ. අමතර පොලිස් සහ හමුදා බලඇණි යොදවා සානා අගනුවර ආරක්ෂාව තර කර ඇති බවත් අල් කයිඩාවේ බලය පවතින නගරවල සිදුවන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මර්දනය කිරීම අපහසු වී ඇති බවත් අභ්‍යන්තර කටයුතු ඇමැති අබ්දුල් කඩාර් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය. ඡන්දය දුන් යේමන කාන්තාවෝ පිරිසක්...



අදහස් (0)

යේමන ජනපතිවරණයට ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 79 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 302 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site