යේමනයේ ජනමත විචාරයෙන් පසු එරට උප ජනාධිපතිව සිටි අබ්ද් රබ්බු මන්සූර් හාඞී, පෙරේදා (25) ජනපති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදී ජනපති මන්දිරයට නුදුරින් කාර් බෝම්බයක් පුපුරා ගියේය. පුද්ගලයන් 26 දෙනකු ඊට බිලි වූ අතර තුවාල ලැබූ ගණන 32 කි. එම ප‍්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් යැයි යේමන ආරක්ෂක අංශ පවසයි. ප‍්‍රහාරයේ වගකීම අල් කයිඩා සංවිධානය විසින් බාරගනු ලැබ ඇත. ජනපති ධුරයේ දිවුරුම් දෙමින් අබ්ද් රබ්බු මන්සූර් හාඞී කියා සිටියේ යේමනයට තර්ජනයක් වී ඇති අල් කයිඩාව අතුගා දැමීමට තමා කටයුතු කරන බවත් එය ජාතික අවශ්‍යතාවක් වී ඇති බවත්ය. මන්සූර් හාඞී, ජනපති ධුරයට පත්වූයේ වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ යේමනයේ ජනපතිව සිටි අලී අබ්දුල්ලා සාලේ ජනතා විරෝධය මැද ධුරයෙන් ඉවත් වීමෙන් පසුවය. සාලේ ධුරයෙන් ඉවත් වූයේ උප ජනපතිව සිටි මන්සූර් හාඞීට බලය පවරා දෙමිනි. එම බලය පවරා දීම සිදුවුණේ ඇමෙරිකාවත් යේමනයේ අසල් වැසියන් වන අරාබි රටවලත් මැදිහත් වීමෙනි. ධුරයෙන් ඉවත් වෙද්දී සාලේ, මන්සූර් හාඞීට හමුදාපති ධුරය ද පිරිනැමීමට කටයුතු කළේය.
2025 දෙසැම්බර් මස 18
165
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
150
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
958
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යේමන ජනපති දිවුරුම් දෙද්දී බෝම්බයක් පිපිරී 26 ක් මියයති