මීටර් 146 ක් පළල යෝධ ග්‍රහකයක් ඊයේ (29) පෘථිවිය අසලින් ගමන් කළේය.

2024 MK යනුවෙන් තාරකා විද්‍යාඥයන් නම් කළ මෙම ග්‍රහකය, ගමන් කළේ පැයට කිලෝ මීටර් 34,000 ක වේගයකිනි.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ ද මීට දින කීපයකට පෙර එනම් ජූනි 16 වැනිදා වීම විශේෂත්වයකි.

2024 MK ග්‍රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් 2,95,000 ක් දුරින් ගහන් කළ බව ද පැවැසෙයි. එය පෘථිවිය සහ සඳට ඇති දුර මෙන් අඩු දුරකි.

2024 MK ග්‍රහකය, යළි පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ 2037 වසරේදී යැයි ද පැවැසෙයි.