IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


යුද්ධයෙන් පසු ගාසා තීරයට සිදුවන දේ ඊශ්‍රායලය කියයි

හමාස් සංවිධානය පරාජය කිරීමෙන් පසු, ගාසා තීරයේ අනාගතය කුමක් වේවිදැයි යන්න සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවක් කැඳවමින් පැහැදිලි කළේය.

යෝව් ගැලන්ට්, මාධ්‍ය හමුව කැඳවා තිබුණේ, ඊශ්‍රායල යුද කැබිනට් මණ්ඩලය සමඟ ද යුද්ධය අවසන් වීමෙන් පසු ගාසා තීරයේ තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

‘ඊශ්‍රායලයට ඇත්තේ අරමුණු දෙකක් පපමණයි. හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරගැනීම සහ හමාස් සංවිධානය අඩපණ කිරීම. යුද්ධය අවසන් වෙන්නේ එවිටයි. එය අද හෙට සිදුවන දෙයක් නොවෙයි. ඒත් යුද්ධය අවසන් වේවි.’ යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.

ගාසා තීරය පලස්තීන පාලන ප්‍රදේශයකි. යුද්ධය අවසන් වීමෙන් පසු  ගාසා තීරය සම්පූර්ණයෙන්ම පලස්තීන පාලන ප්‍රදේශයක් නොවනු ඇතැයි ද යෝව් ගැලන්ට් පැහැදිලි කර තිබේ. යුද්ධයෙන් පසු ගාසා තීරයේ කිසිදු ඊශ්‍රායල ජාතිකයකු රැඳී නොසිටිනු ඇති බවත්, ගාසා තීරය පාලනය යළි හමාස් සංවිධානය අතට පත් වීමට ඉඩ නොදෙන බවත, වෙනත් පාර්ශ්වයක් ගාසා තීරයේ බලය අතට ගනු ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

යුද්ධයෙන් පසු ගාසා තීරයට සිදුවන දේ ඊශ්‍රායලය කියයි

Mary Friday, 05 January 2024 06:34 PM

ජේසුස් වහන්සේව පාවාදුන් මිනිමරු යුදෙව්වෝ... දවසක මොවුන් සියලු දෙනාවම මේ ලෝකෙන් තුරන් කරනවලු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 292 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 94 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site