
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් යුක්රේන යුද්ධය අවසන් කර සාමය උදා කර ගැනීම සඳහා කොන්දේසි 6 ක් ඉදිරිපත් කර තිබේ. ඒබීසී පුවත් පතට අනුව යුද්ධය අවසන් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කොන්දේසි 6 පහත පරිදි වේ.
1.යුක්රේනය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා නොගත යුතු අතර කිසිවෙකුටත් පක්ෂපාතී නොවූ මධ්‍යස්ථ රටක් ලෙස යුක්රේනයේ නිල ස්ථාවරය වෙනස් විය යුතු වේ.
2.ක්‍රයිමියා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස යුක්රේනය පිළිගත යුතු වේ.
3.ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ජනරජ සමුහාණ්ඩු නිදහස් රාජ්‍යයන් ලෙස පිළිගත යුතු වේ.
4.රුසියාවට තර්ජනයක් වන සියලුම අවි ආයුධ යුක්රේනය බිම තබා නිරායුධ විය යුතුය.
5.යුක්රේනයේ ජාතිවාදී අදහස් වෙනස් විය යුතු අතර කලින් ජනාධිපති පුටින් පැවසූ පරිදි යුක්රේනයේ රජය වෙනස් විය යුතුය.
6.යුක්රේනයේ දෙවැනි නිල භාෂාව රුසියානු භාෂාව විය යුතු අතර එයට බාධා වන නීති යුක්රේනය විසින් ඉවත් කළ යුතුය.
පෙබරවාරි 24 දින රුසියාව විසින් යුක්රේනයේ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීමත් සමග මේ දක්වා රුසියාවට ජාත්‍යන්තර සම්බාධක රාශියකට මුහුණ දීමට සිදු වී ඇත.
මෙම යුද මෙහෙයුම අවසන් කිරීම සඳහා පුටින් විසින් මෙම කොන්දේසි 6 ඉදිරිපත් කරනු ලැබුවත් යුක්රේන රජය පැවසුවේ රුසියාවේ මෙම කොන්දේසි යථාර්ථවාදී නොවන බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලු ලෝකයම කොරෝනා වසංගතයෙන් ද පීඩාවට පත්ව ආර්ථික වශයෙන් දැඩි පසුබෑම්වලට ලක්ව සිටින බොහෝ රටවලට මෙම කුරීරු යුද්ධය නිසා තවත් පීඩාවිඳීමට සිදුවනු නොඅනුමානයි. රටකට තමන් කැමති රාජ්‍යයන් සමග රාජ තාන්ත්‍රික සබඳතා පැවැත්වීම අවහිර කිරීම තවත් රාජ්‍යයකට නොගැලපෙන අශිෂ්ඨ ක්‍රියාවකි. මෙහිදී නේටෝ සංවිධානය යුදමය ක්‍රියාමාර්ගයක අවතීර්ණ නොවන්නේ පුටින්ට ඇති බිය නිසා නොව එවැනි ක්‍රියාමාර්ගයක් තුන්වන ලෝක යුද්ධයක් පටන් ගැනීමට හේතුවන බැවින් සහ එම යුද්ධය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වීමෙන් පෘතුවිය මිනිසුන් මෙන්ම සියලු ජීවීන්ට වාසයට නුසුදුසු මල ග්‍රහලෝකයක් බවට පත්වීමට බොහෝවිය හේතුවිය හැකි බැවිනි. බොහෝවිට මෙරට මිනිසුන් මේ අර්බුදය දෙස බලන්නේ වාමාංශික දේශපාලකයින් විසින් ගොඩනගන ලද බටහිර විරෝධී විග්රහයන් මත පදනම්වයි. අධිරාජ්‍යවාදය යනු ඇමරිකාව ප්රමුඛ අනෙකුත් බටහිර රටවල් වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය කීරීම පමණක් නොව රුසියාව, චීනය වැනි රටවල්ද යුදමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් අන් රටවල් අස්ථාවර කර තමන්ට හිතවත් පාලකයින් පත් කිරීමද අයත් වේ.
ඔය ඔලුව නරක් වුණු අය කියන ඒවා කරන්න යුක්රේනයට අමාරුවක් ඇතැයි කවුරුත්ම හිතන්නේ නෑ. පූටින්ට වැඩි දවස් නොයා නියම උත්තර ලැබෙයි.
මේක හරියට 20 වැනි සංශෝධනයයි, 2/3 යි, තව මොනව හරියි ඉල්ලුවා වගේ...!
මොන විකාර කතාවක්ද? ඕවා බලෙන් කරන්න පුළුවන් ඒවද? ඊට වඩා හොඳයි යටත් කරගත්තා නම්... අසල් වැසියාට සාමකාමීව නිදහසේ ජීවත් වෙන්න දෙන්න ඕනේ. කරන්න බැරි වැඩ කියන්නේ...
ඒ ඒ රටට ආවේණික මතවාද වලට ඉඩහරිමින් යුද්ධ නොකර නිදහසේ ඉන්න බැරි මොකද? රුසියන් මතවාදය ඇමෙරිකාව පිළි නොගන්නා නිසා ඇමෙරිකාවේ යුද ශක්තිය අරගෙන ඇමෙරිකන් මතවාදය පිළිගන්න රටවල්, වැඩකරගන්න රටවල් වලට උදව් කරනවා... ලෝකයේ බහුතරයක් රටවල් රුසියන් මතවාදය පිළිගන්නේ නැහැ. ලෝකය විනාශකරන යුද්ධ වලට හේතුව මේකයි..
ගහගනිල්ලා..ගහගනිල්ලා... මේ දූපතත් නැතිවෙනකම්ම ගහගනිල්ලා... එහෙමවත් සතුටු වෙන්න.
පුටින්ගේ කොන්දේසි වල තියෙන්නේ කලින් හිටියා වගේ ඉන්න කියන එක විතරනේ. ඇමරිකාව ඇතුළු නේටෝවට ඕනෑ විදිහට නටන්න ගිහින් මේ දේ වුනේ...