රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ හමුදා පරාජය කරමින්, යුද්ධය ජය ගන්නට යුක්රේනයට හැකිවනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් පවසයි.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා හමුවිය. ඒ, පෝලන්තයට ගිය අවස්ථාවේදීය. පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ අසල්වැසියෙකි. දහස් ගණනක් යුක්රේන සිවිල් වැසියන් යුද ගැටුම්වලින් බේරී පලා යමින් සිටින්නේ ද පෝලන්තයටය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන් සහ යුක්රේන විදේශ අමාත්‍ය දිමිත්‍රෝ කුලේබා අතර හමුව පැවැත්වූයේ පෝලන්ත යුක්රේන දේශසීමාවේදීය. ඇමෙරිකාවේ සහාය නොඅඩුව යුක්රේනයට ලබා දෙන බවට ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සහතියක් ලබා දුන්නේය.
රුසියන් හමුදා ප්‍රහාරවලින් බේරීමට සහ ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ප්‍රහාරක ජෙට් යානා සහ ගුවන් ආරක්ෂක පද්ධති අවශ්‍ය බවත්, ඒවා තමන්ට පලබා දෙන ලෙසත් යුක්රේන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යවරයා ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්ගෙන් ඉල්ලා සිටියේය. යුක්රේන විදේශඅමාත්‍යවරයා හමුවීමෙන් පසු, යුක්රේන සරණාගතයන් හමුවී ඔවුන්ගේ සුව දුක් විමසීමට ද බ්ලින්කන් කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
යුද්ධය දිනන්න යුක්රේනයට පුළුවන්
සිල්වා Sunday, 06 March 2022 03:03 PM
මෙම යුද්ධයට ප්‍රධාන හේතුව ඇමරිකාව සහ යුරෝපීය රටවල් විසින් රුසියාව හුදෙකලා කොට බිත්තියට හේත්තු කිරීමයි...!
අප්පුහාමි Sunday, 06 March 2022 06:37 PM
මේවාට කියන්නේ බළල්ලු ලවා කොස් ඇට බාවනවා කියලා...